31 C
Colombo
Sunday, April 2, 2023

උද්ඝෝෂකයන් එළවා, ට්‍රම්ප් බය වූ තීන්දුව කොංග්‍රසය ගනී

- Advertisement -

ඇමෙරිකානු කොංග්‍රසයේ කටයුතුවලට බාධා කරමින් සිටි කලහකාරී ට්‍රම්ප් හිතවාදීන් එළවා දැමීමෙන් පසු, ඇමෙරිකාවේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පිළිගනිමින් ජෝ බයිඩන්ගේ ජය තහවුරු කරන තීන්දුව සුළු මොහොතකට පෙර ඇමෙරිකානු කොංග්‍රසය ගෙන ඇත.

එහිදී ට්‍රම්ප්ගේ සමීපතමයන් වූ උප ජනාධිපති මයික් පෙන්ස් සහ මිච් මැක්කොනල් පළමු වරට ට්‍රම්ප්ට එරෙහිව යමින් ජෝ බයිඩන්ගේ ජය පිළිගැනීම විශේෂත්වයක් විය. ඒ දෙදෙනාම ට්‍රම්ප්ගේ කිමන් පිළිගත් දෙදෙනෙක් විය.

තමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් කටයුතු කරන්නට බැරි බව මයික් පෙන්ස් කියා ඇත.

සියලු උත්සාහයන් අසාර්ථක වූ පසු, මෙම කලහකාරී හැසිරීම් නිසා මිනිස් මරණ හතරක්ද සිදු වූ පසු, තමා ජනවාරි 20 දා ධුරයෙන් බැස යෑමට සූදානම් බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියා ඇත.  

ඒ අනුව ජනවාරි 20 වැනිදා ජෝ බයිඩන් ජනාධිපති ධුරයේ දිවුරුම් දීම ප්‍රතික්ෂේප කිරීම සඳහා කිසිදු හේතුවක් නොමැත. කුපිත කරවන ලද කලහකාරී පිරිසක් කොංග්‍රස් ගොඩනැගිල්ලට ඇතුළු වීම සඳහා පොළඹවමින් ජනාධිපතිවරණ ප්‍රතිඵලය විකෘති කිරීමට ට්‍රම්ප් ගත් අවසන් උත්සාහයද ඒ අනුව ව්‍යර්ථ විය.

ජනවාරි 06 වැනිදා ඇමෙරිකාවේ කොංග්‍රසය මැතිවරණ ප්‍රතිඵලය නිල වශයෙන් පිළිගැනීමට නියමිතව තිබුණි. සාමාන්‍ය තත්වය අනුව එදිනට විශේෂ තීන්දුවක් නැත. සිදුවීමට නියමිත වුණේ සම්ප්‍රදාය අනුව ප්ති‍රඵල පිළිගැනීම පමණි. ජනතා ඡන්දයෙන් තේරී පත් වූ අපේක්ෂකය ප්ති‍රක්ෂේප කිරීමක් කිසිදා කරන්නේ නැත. එහෙත් පළමු වරට, ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය ප්‍රතික්ෂේප කරමින් තීන්දුවක් ගන්නා ලෙස ට්‍රම්ප් ඉල්ලා ඇත. කලහකාරී පිරිස් කඩාවැදුණේ එම ඉල්ලීම වෙනුවෙනි.  

කෙසේ වෙතත් අනෙක් රටවල්වල ප්‍රජාතන්ත්‍රවැාදය ගැන කතා කළ ඇමෙරිකාවට, මෙම සිදුවීමෙන් ඇති වූ අවමානය අතිශය දැවැන්ත බව විචාරකයන් හා දේශපාලන නායකයන් පෙන්වා ඇත.

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ පිළිතුරු පරික්ෂාව කල් යාමට අපි වගකියන්නේ නැහැ – විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති...

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

මීළඟ ජනපතිවරණ අපේක්ෂකයා ලෙස පොහොට්ටුවේ බහුතරය රනිල් තෝරා ගනී

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට මේ වන...

රජයේ රෝහල්වල මීට පස්සේ කළු කොඩි බෑ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත්ම තීරණය මෙන්න

රජයේ රෝහල්වල සහ වෛද්‍ය ආයතනවල කළු කොඩි ප්‍රදර්ශනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහනම් කර තිබෙනවා. චක්‍රලේඛයක් නිකුත් කරමින් එම...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...