29 C
Colombo
Wednesday, March 29, 2023

කමලා හැරිස් මැතිණි අඳින ඇඳිල්ල

- Advertisement -

ඇමෙරිකාවේ පළමු කළු ජාතික, පළමු කාන්තා, සංක්‍රමණික පවුලකින් පැවත එන පළමු ජනාධිපතිනිය ලෙස තම ජයග්‍රහණයෙන් පසු නොවැම්බර් 07 වැනිදා මුල්වරට ජාතිය ඇමතූ අවස්ථාවේ ඇය තමන්ගේ ඇඳුමෙන් සියල්ලන්ගේ අවධානය දිනාගත්තා. සුදු පැහැ ‘පවර් සූට්’ ලෙස හඳුන්වන  රාජකාරීමය ඇඳුමක් හැඳ තමාගේ බලය සහ අභිමානය සංකේතවත් කළා. කිසිදිනක ඇය ඒ කතාව කරන විට ඇඳ සිටි ඇඳුම අමතක නොවනු ඇති.

ඇත්ත, ජනාධිපති ජෝ බයිඩන්ට වඩා කැපී පෙනෙන කථාවක් ඇය කළ බවත්, ජනපති බයිඩන්ට වඩා කැපී පෙනෙන ඇඳුමක් ඇය ඇඳ සිටි බවත් බොහෝ දෙනෙකු පිළිගන්නා රහසක්.

මුතු වන් සුදු පැහැයෙන් දිළිසෙන, කෑලි දෙකක ඇඳුමක්. ටයිපටියක් ලෙස මැදින් පහළට රේඛාවක් දිවෙන පුසි බව් කමිසයක්. මේ ඇඳුම නිර්මාණය කර තිබුණේ කැරොලිනා හරේරා වෙළඳ  නාමය. කැරොලිනා හරේරා යනු ඇමෙරිකානු ධවල මන්දියේ සිටි බලවත් කාන්තාවන් ගණනාවකට ඇඳුම් නිර්මාණය කළ කාන්තා සුපිරි විලාසිතා නිර්මාණ ශිල්පිනියක්. එමෙන්ම කැරොලිනා හරේරා යනු දැන් ප්‍රකට ඇඳුම් වෙළඳ නාමයක්. ජැකලින් කෙනඩි, ලෝරා බුෂ්, මිෂෙල් ඔබාමා, මෙලනියා ට්‍රම්ප් ආදීන් ඇගේ වෙළඳ නාමයට අයත් ඇඳුම් ඇන්දා.

සුදු පැහැය ස්ත්‍රීවාදී වර්ණයක් ලෙස සලකනවා. කාන්තාවන්ට ඡන්ද අයිතිය ඉල්ලා කළ සටන්වලදී සුදු වර්ණය ඇඳ සිටියා. ඇගේ කාන්තා බලය පෙන්වන්නට ඒ වර්ණය යොදාගන්න ඇතති. ඇය කලිසමක් ඇඳීම තුළ පවා ඇත්තේ කාන්තාවගේ ශක්තිය පිළිබඳ සංකේතමය වටිනාකමක්.

මෑත ඉතිහාසයේ දේශපාලනයේ සිටි කාන්තාවන් වන හිලරි ක්ලින්ටන් ආදීන් මෙලෙස සුදු වර්ණයෙන් සැරසුණු අවස්ථා දක්නට ලැබුණා. හිලරි 2016 ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂිකාවක් ලෙස තනතුර බාරගනිද්දීත්, සුදු පැහැය ඇඳ සිටියා.

ඒ අනුව කමලා හැරිස්ගේ සුදු පැහැ ඇඳුම හුදු විලාසිතා ප්‍රකාශනයක් නෙවෙයි. එය පැහැදිලි දේශපාලන ප්‍රකාශනයක්. ඉහත කී කාරණා වගේම කමලා හැරිස් එම ඇඳුම අඳින්නට ඇත්තේ මෙම තනතුරේ වගකීම් සහගත බව තමා හඳුනාගත් බව පෙන්වන්නට විය යුතුයි.

මීට කලින් ඇය ඉන්ස්ටග්‍රෑම්හි විඩියෝවක් පළ කර තිබුණා. එහි තිබුණේ කමලා හැරිස් ජනාධිපතිවරණය ජයගත් බව දූරකථන ඇමතුමකින් ජෝ බයිඩන්ට ප්‍රකාශයට පත් කරන අවස්ථාව. ඒ වෙලාවේ ඇය හැඳ සිටියේ ක්‍රීඩා ඇඳුමක්. නිකන්ම ක්‍රීඩා ඇඳුමක් නොවෙයි. නයිකි ට්‍රැක් සූට් එකක්. නයිකි යනු බහුතර ඇමෙරිකකානුවන් ක්‍රීඩා කරන විට අඳින ඇඳුම. නයිකි තේමා පාඨය ‘ජස්ට් ඩූ ඉට්’ යන්න. ඕනෑ වැඩක් අවසන් කරන්නට, අභියෝගයක් බාරගන්නට සූදානම් බව ඒ තේමා පාඨයෙන් සංකේතවත් වෙනවා.  

මේ ක්‍රීඩා ඇඳුමෙහි පවා සංකේතමය වටිනාකමක් තිබෙනවා.. ඇය මීට කලිනුත් තමන්ගේ ඇඳුම් තෝරාගැනීමේදී මේ ‘ඕනෑ එකකට ඔට්ටුයි’ යන හැඟීම දනවන ඇඳුම් හැඳ සිටියා. ඇමෙරිකානු ජනාධිපතිවරණයට පෙර ඇය එම අදහස් රැගත් ඇඳුම් ගණනාවක් ඇන්දා.

‘ඩෙක් ෂූ’ යයි අප හඳුන්වන සුදු පැහැ සපත්තු දෙකක්. මෙය හයි ටොප්ස් නමින් හඳුන්වනවා. කළු ජීන්ස් කලිසමක් සහ ඇඟට තද කමිසයක් හා ඊට උඩින් කබායක් ඇඳ ඇය කිහිප වතාවක් ප්‍රචාරක වැඩසටහන්වලට සහභාගී වුණා. ඇතැම් මොහොතක බෙල්ල වටා ‘ස්කාෆ්’ එකක් පැළැන්දා.

මේ ඇදුමේ යම් ක්‍රීඩාශීලී ගතියකුත් තිබුණා. 56 හැවිරිදි හැරිස්ගේ තරුණ බවක් පවා මේ ඇඳුමෙන් සංකේතවත් වුණා. අනෙක් අතට, සාම්ප්‍රදායික නීතිරීති, හැඩතලවලට තමන් යට නොවන බව පෙන්වීමකුත් මේ ඇඳුම්වල තිබුණා. බොහෝ විට දේශපාලන ප්‍රචාරක වැඩසටහන්වල යන ඇමෙරිකානු කාන්තාවන් තමන්ගේ ඇඳුම ලෙස තෝරාගන්නේ සාම්ප්‍රදායිකක ‘සූට්’ ඇඳුමක්. ජීන්ස් එකක් සහ ඇඟට සැහැල්ලු ඇඳුමක් ඇඳීම ඇය වෙනස් බව අපූරුවට පෙන්වුවා.

ඕනෑම කෙනෙකුගේ මානසිකත්වය ශක්තිමත් කරන්නට, ධනාත්මක මානසිකත්වයක් සහ ආත්ම විශ්වාසයක් ඇති කරන්නට ඇඳුමට ශක්තියක් තියෙනවා. කමලා හැකි සෑම අවස්ථාවකම ජීන්ස් එකක තිබෙන සැහැල්ලු ගතිය විඳින්නට කැමති කාන්තාවක් බව පෙනෙනවා.

ඒ අනුව ඉදිරියේදීත් ඇය වැදගත් අවස්ථාවන්ට ‘සූට්’ ඇඳුමක් අඳින්නටත් කාර්යබහුල අවස්ථාවක ජීන්ස් එකක් අඳින්නටත් හුරු වනු ඇතැයි අනුමාන කළ හැකියි.  

RECENT ARTICLES - SINHALA

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

ජාතික රූපවාහිනියත් විකුණන්න යයි

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් විසින් සේවකයන් වෙත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන...

මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් හෙට කැඳවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට (30) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...