වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහලේ වෛද්‍යවරයකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 07 දෙනකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ ධම්මික පැණිය පළමුව වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් 19 වෛරසය ආසාදිතයින්ට ලබාදී පරීක්ෂණ කළ බව ඒ මහතා පැවසීය. එහිදී එම පැණිය ලබාදුන් නේවාසික ආසාදිතයින් සුවය ලැබූ බවත් ඔහු පැවසීය.
අදාල රෝහලේ වෛද්‍යවරයෙක්, හෙදියන් දෙදෙනෙක්,ගිණුම් අංශයේ නිලධාරිනියක් සහ සුළු සේවකයන් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇත. ඒ අනුව එම රෝහලේ 10 වාට්ටුව විෂබීජානුහරණය කිරීමට පියවර ගෙන ඇත.