ගෘහස්ථ නිරෝධායනට ලක් කර ඇති පුද්ගලයන් නිරෝධායන නීතීන්ට පටහැණිව ක්‍රියා කළ හොත් ඔවුන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරා වසර තුනක සිර දඬුවමකට හා දඩයක් නියම කිරීමේ හැකියාව පවතින බැවින් නිරෝධායන නීති රීති පිළිපදිමින් නිවෙසේ රැඳී සිටින්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.
ඔහු මේ බව පැවසූවේ දෙසැම්බර් 11 වන දින මාධ්‍යට අදහස් දක්වමිනි.
නිරෝධායන නීතිවලට පටහැනිව ඇතැම් අය කටයුතු කරන බවට තොරතුරු ලැබී තිබෙන බවත් ගෘහස්ත නිරෝධායනයට ලක් කළ විට නිරන්තරයෙන් එම නිරෝධායන රීතීන්ට අනුව කටයුතු කළ යුතු අතර නිවෙසින් බැහැරව යෑමත්, එම නිවෙසට පිටස්තර පුද්ගලයන් පැමිණීමත් සම්පූර්ණයෙන් තහනම් බවද ඔහු පැවසීය.
ගෘහස්ත නිරෝධායනයට ලක්ව ඇති පුද්ගලයන් කිසිසේත් නිවෙසින් බැහැර නොයන ලෙසත් සෞඛ්‍ය බලධාරීන් පීසීආර්. පරීක්ෂණ හෝ වෙනත් ආකාරයේ පරීක්ෂණවලට යොමු වන ලෙසට දැනුම් දුනහොත් වහාම ඒ සඳහා ඉදිරිපත් වන ලෙසත් ඒ මහතා පැවසීය.