30 C
Colombo
Sunday, December 3, 2023

පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කළ නිලධාරීන් මාරු කරයි

- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුට අනියුක්තව සේවය කළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර සැකකරුවන් අනාවරණය කර ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් එම දෙපාර්තමේන්තුවෙන් වෙනත් ස්ථානවලට මාරු කර යවා ඇත.

නොවැම්බර් 11 වන දින එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළ නිලධාරීන් අතර පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශණ සිදු කළ, එයට අදාළ සැකකරුවන් සියළු දෙනාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ නිලධාරීන් 19 කු මෙසේ ස්ථාන මාරු වීම් දී වෙනත් පලාත්වලට යවා ඇත.

වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන් අදාල නිලධාරීන්ව ඉවත් කර ඇති අතර එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ අදාල නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරි සඳහා තවදුරටත් අවශ්‍ය නොවන බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට ස්ථාන මාරු කිරීමට නියෝග කරන බවය.

ප්‍රධාන පොලිස් පරීක්ෂක කීර්තිසිංහ, ප්‍රධාන පොලිස් පරීක්ෂක කරසිංහආරච්චි, ප්‍රධාන පොලිස් පරීක්ෂක ගුණසේකර
ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන, කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකා ප්‍රියන්තිකා, කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකා මැණිකේ, කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකා එන් හේවාවිතාරණ, කාන්තා පොලිස් පරීක්ෂිකා හේරත්, පොලිස් පරීක්ෂක රංජිත්, පොලිස් පරීක්ෂක යාපා, කාන්තා පොලිස් පරීක්ෂිකා වික්‍රමසිංහ, උප පොලිස් පරීක්ෂක වීරසිංහ,
පොලිස් සැරයන් ජයසිංහ, පොලිස් සැරයන් ප්‍රේමකුමාර, පොලිස් සැරයන් රාජපක්ෂ, පොලිස් සැරයන් විජේවර්ධන, කාන්තා පොලිස් සැරයන් සුනේත්‍රා, කාන්තා පොලිස් සැරයන් චන්දිමා සහ පොලිස් කොස්තාපල් ආරියසිංහ අදාල නිලධාරීන් වේ.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය බැංකු දෙකකට බිලියන 80ක පොල්ලක්

මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකකින් ණය ලබාගත් ඉහළ පෙළේ ව්‍යාපාරික ගනුදෙනුකරුවන් දහ දෙනෙක් රුපියල් බිලියන 80ක ණය පැහැර හැර තිබෙන බව ලංකා බැංකු සේවක...

දේශබන්දු ඉවත්කිරීමට රනිල්ගෙන් අලුත් සැලසුමක්

අලුතෙන් පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ස්ථාපිත කොට ඒ සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති කාර්යාලය සැලසුම් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. ජනාධිපතිවරයා...

බදු නොගෙවූ සුපිරි වාහන 500ක් රට පුරා

අනුමත රේගු බදු නොගෙවා වාහන අමතර කොටස් ආනයනය කර පසුව ඒවා එකලස් කර ඉතා වටිනා වාහන නිපදවා අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අල්ලස් දූෂණ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන  https://www.doenets.lk  සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...

සා.පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ අනාවරණ‍යක්

මෙවර 2022 අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත මෙවර සිසුන් දෙලක්ෂ නමදාස් හත්සිය හැට එකක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. එය 72.07% ප්‍රතිශතයක් බවයි සඳහන්...

සුරාසැල් විවෘතව තබන වේලාවේ වෙනසක්

සුරාසැල් විවෘතව තබන වේලාවන්වල වෙනසක් සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා අද (01) දින සුරාබදු පරීක්ෂකවරුන්ගේ වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින් රාජ්‍ය...