24 C
Colombo
Sunday, December 10, 2023

බෝගම්බර සහ කුරුවිට රැඳවියන් 94 කට කොවිඩ්

- Advertisement -

බෝගම්බර පැරණි බන්ධනාගාරයේ තවත් රැඳවියන් 80 ක් සහ කුරුවිට බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 14 දෙනෙකු කොවිඩ් 19 අසාදනය වී ඇත.

ඒ අනුව කොවිඩ් වෛරසය ආසාදනය වු රැඳවියන් සංඛ්‍යාව 285 දක්වා ඉහල ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

කෙසේ වෙතත් පසුගිය නොවැම්බර් 12 වන දින තමන්ටත් කොවිඩ් 19 ආසාදනය වීමේ වැඩි ඉඩක් ඇති බැවින් ඉක්මනින් පීසීආර් පරීක්ෂණ සිදුකරන ලෙසත් එසේ නොමැති නම් වෙනත් බන්ධනාගාරයකට මාරු කරන ලෙසත් පවසමින් පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වහලය මත නැගී විරෝධතාවයක් ආරම්භ කර තිබුණි.

බන්ධනාගාර රැඳවියන් නිරෝධායනය කිරීම සඳහා එම බන්ධනාගාරය යොදා ගෙන තිබුණු අතර එහි රැඳවියන් 800කට ආසන්න ප්‍රමාණයක් නිරෝධායනය සඳහා යොමුකර ඇත.

RECENT ARTICLES - SINHALA

පාරිභෝගිකයින් 80% කගේ විදුලි සැපයුම යථා තත්වයට

මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ දිවයින පුරා විදුලිය විසන්ධි වූ ප්‍රදේශවලින්...

Breaking : නොරොච්චෝලෙත් බිඳ වැටිලා

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන අක්‍රීය වී තිබෙනවා. ඒ අනුව එහි තුන්වන ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළා.

විදුලි සැපයුම ගැන විදුලිබල මණ්ඩල‍යෙන් දැනුම් දීමක්

ජාතික විදුලිබල පද්ධතිය යළි සමතුලිත කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළේ ඒ අනුව, 20% ක පිරිසකගේ විදුලිය සැපයුම මේ වන විට යථාතත්ත්වය⁣ට පත් කර...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

සුරාසල් විවෘතව තබන වේලාවේ වෙනසක්

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...