වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව සිදුවන සුළු භූ කම්පන තත්ත්වයන් පිළිබඳව පුළුල් විමර්ශනයක් පැවැත්වීම සඳහා විද්වත් කමිටුවක් පත්කර තිබේ.
මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී භූ කම්පන විද්‍යාඥයින් සහ භූ විද්‍යාඥයින් යොදා ගනිමින් පර්යේෂණ සිදුකළ අතර ඊට අදාළ වාර්තා කිහිපයක් ද සකස් කර තිබූ බව සඳහන් වේ.
ඒ අනුව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතාගේ සභාපතීත්වයෙන් යුත් සාමාජිකයින් 11 දෙනෙකුගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත් කර ඇත.