26 C
Colombo
Thursday, March 23, 2023

මම යූටියුබ් එකේ බී ග්‍රේට් චිත්‍රපට ගැන විචාර කළා – රිචා චඩ්ඩා

- Advertisement -

ඔබ ක්ෂේත්‍රයට ඇවිත් සෑහෙන්න කාලයක් වෙනවා..ඒ වගේම ඔබ ශක්තිමත් කාන්තාවක් විදියට තමන්ගේ සහ අන් අයගේ  ප්‍රශ්ණ ගැන කතා කරනවා…

සිනමාව පැමිණි මුල් දිනවල  මම මේ තරම් සමාජය ගැන දන්නේ නැහැ. නමුත් මේ පරිසරයේ  ටික කාලයක් හිටිය නිසා මම තේරුම් ගත්තා බොලිවුඩයේ හැසිරිය යුත්තේ කොහොමද කියලා. මුලින් මම කිසිවෙක් සමඟ වැඩිපුර කතා කළේ නැහැ. කෙනෙක් මගෙන් අහන දේවල්වලට විතරයි පිළිතුරු දුන්නේ. මම චිත්‍රපටයක් කළාම ඔහුන් දෙන චෙක්පත් බවුන්ස් වුණ අවස්තාවල පවා මම ඒ අයට කිසිම දෙයක් කීවේ නැහැ. කාලයක් යද්දී මටම තේරුණා මෙහෙම ඉන්න එක තේරුමක් නැහැ කියලා. මේ වෙන කොට සිනමාවට එන නවකයන් පවා තමන්ට වෙන අසාධාරණකම් ගැන කතා කරනවා. ඒ අය ගැන මට හරිම සතුටක් ඇති වෙනවා.

ඔබ මුල් කාලයේ වැඩිමල් චරිත රඟපෑවා නේද?

ඔව්, මුල් කාලයේ මට වැඩිමහල් කාන්තාවන්ගේ චරිත රඟපාන්න අවස්ථාවන් ලැබුණා.ඒ ගැන විශාල වශයෙන් අධ්‍යනය කරන්න වුණා. තාප්සි සහ භුමී මේ වෙනකොට සාන්ඩ් කී ආක් චිත්‍රපටයේ වැඩිමල් කාන්තාවන්ගේ චරිත රගපාලා තියෙනවා. වැඩිහිටි කාන්තාවකගේ චරිතයක් කරනවා කියන්නේ ලොකු අභියෝගයක්.

ඔබව චිත්‍රපටවලට තෝරාගෙන  ප්‍රතික්ෂේප වෙලා තියෙනවා ද?

මාව කිහිවතාවක්ම ප්‍රතික්ශේප වෙලා තියෙනවා. ඒ ප්‍රතික්ෂේප වීම් සැහෙන්න දුරට මට බලපෑවා. චිත්‍රපට සෑහෙන්න සංඛ්‍යාවක්  මට නැති වුණා. ඒ ගැන මම දුක් වුණා. ඉන්පස්සේ ඒ චිත්‍රපට වෙනත් නිලියන් දාලා කරලා තිබුණා. ඒ නිලියන් තමන්ට ලැබුණු චරිතයට සාධාරණයක් කරලා තිබුණේ නැහැ. සමහර චිත්‍රපට තිබුණා චරිතවලට අවශ්‍ය ඇඳුම් පවා ලෑස්ති කරලා ඉවර වුණාට පස්සේ දූරකථන ඇමතුම් දීලා මාව ඒ චිත්‍රපට වලින් අයින් කරපු අවස්ථා. අන්තිම මොහොතේ චිත්‍රපටයකින් තමන්ව අයින් කරනවා කියන කාරණය  ඒ නළුවාගේ හෝ නිළියට තමන්ගේ ජීවිතයේ අත්දකින්න වෙන නරකම අත්දැකීම වෙනවා. සමහර නළු නිළියන් ඉන්නවා ඒ චරිතය වෙනුවෙන් තමන්ගේ ජීවිතයේ අවුරුදු ගාණක් කැප කරනවා. ඔවුන් තමන්ගේ චරිතය වෙනුවෙන් විශාල කැපකිරීම් කරනවා. මේ විදියට එකපාරටම චිත්‍රපටයකින් අයින් කරලා දැම්මොත් ඒක සෑහෙන්න ප්‍රශ්ණයක් වෙනවා.

ඔබට ඒ වගේ සිද්ධි කොහොමද බලපෑවේ…

 මාව අන්තිම මොහොතේ චිත්‍රපටවලින් ඉවත් කළාම මට ඒ ගැන හිතාගන්න බැරිවුණා. දවසක් රඟපාන්න නියමිත චිත්‍රපටයක අධ්‍යක්ෂකවරයෙක් මට රාත්‍රි කෑමකට කතා කළා. මම ඒ රාත්‍රි භෝජනය ප්‍රතික්ෂේප කළා. ඒ නිසා මට ඒ චිත්‍රපයට නැති වුණා. අපි බොලිවුඩයට පිටින් ආපු අය. අපිට බොලිවුඩයේ නම් ප්‍රසිද්ධ වුණ අම්මලා තාත්තාලා නැති නිසා සිනමාවේ රැදිලා ඉන්න නම් අපිට අරගල කරන්න වෙනවා.

ඔබ ඒ ඉවත් කිරීම් ගැන කතා කලාද?

“මසාන්” චිත්‍රපටයෙන් පස්සේ මට වුණ අසාධාරකම් ගැන නිහඬව හිටියේ නැහැ. ඒ ගැන නිතරම කතා කළා. මුල් කාලයේ මම නිහඬවම ඒ අසාධාරණකම් දාරාගත්තා. සති දෙක තුනක් කාමරයට වෙලා අඬලා, ඒ ප්‍රශ්ණයෙන් පැනලා ගියා.

මේ වෙනකොට බොලිවුඩයේ ඇති පවුල්වාදය ගැන සාකච්ඡා මතු වෙලා තියෙනවා…

අපි මේ පවුල්වාදයේ අත්තිවාරම දිහා බලන්න ඕන. අනාගතයේදී මට දරුවෙක් හම්බවෙලා,මගේ දරුවාට සිනමා නළුවෙක් හෝ නිළියෙක් වෙන්න වුවමනා වුනොත් මම අනිවාර්්‍යයෙන්ම මැදිහත්වීමක් කරන්නේ නැහැ. මේ වෙද්දී බොලිවුඩයට රොකට් උඩ යවනවා වගේ සිනමා පවුල්වල ළමයින්ව හදුන්වලා දෙනවා. ඒ අයව හඳුන්වලා දෙන්නේ ඒ අයගේ ඥාතීන්. ඉතිං ඒ රොකට්වලට වඩා පිටින් බොලිවුඩයට එන අයට සෑහෙන්න වැඩ කොටස් තියෙනවා.

තමන්ගේ ගම්වල ඉදලා නගරයට ඇවිත්, ඉන්න තැන හොයාගන්න, කන්න බොන්න හොයා ගන්න. ඒ අතරේ සිනමාව එන්නත් මේ අය අරගල කරන්න වෙනවා. මේ සේරම දේවල් කරන අතරේ ඔවුන් රැකියා කරනවා.ඉගෙන ගන්නවා.

මම සිනමාව එන්න නගරයට ආපු කාලයේ මම ඉගෙන ගනිමින් හිටියේ.ඒ අතරේ උපාධියට අවශ්‍ය ඉන්ටර්නල් ශිප් එකක් කළා. එයින් මට රුපියල් 6000 ක් ලැබුනා.මගේ බෝඩිං කුලියත් රුපියල් 6000 ක්. ඉතිං කන්න බොන්න හොයන්න මම යූටියුබ් එකේ බීග්‍රේට් චිත්‍රපට ගැන විචාර කරන චැනල් එකක් පටන් ගත්තා. අදට වුණත් ඒ විඩියෝ අන්තර්ජාලයේ තියෙනවා. බොලිවුඩ් පවුල්වල අය අපි කරන  අරගල ගැන දන්නේ නැහැ .

ඔබ වැඩිහිටි කාන්තාවන්ගේ චරිතයක් කළ නිසා ඔබට ඒ චරිත නිතර ආවාද?

ඔව්, එක්වරක් මට රිතික් රෝෂන්ගේ මවගේ චරිතයට රඟපාන්න එන්න කියලා ආරාධනාවක් ලැබුණා. ඒ වෙනකොට මගේ වයස අවුරුදු 23 ක්. හරියටම කිවොතින් ගැන්ග්ස් ඔෆ් වශිපූර් කරලා මාසයකට පස්සේ. මම ඒ වෙලාවෙම ඒ චරිතය ප්‍රතික්ෂේප කළා. මාසයකට පස්සේ  මට ඒ චිත්‍රපටයේ  කාස්ටින් ඩිරෙක්ටව හම්බවුණා. මම ඔහුගෙන් ඇහුවා ඔයාගේ ඇස්වල දෝශයක් තියෙනවාද කියලා. ඔහු මගෙන් ඇහුවා ඇයි පුතේ මොකද වුණේ කියලා. මම ඒ වෙලාවෙදි කිව්වේ රිතික් රෝෂන්ගේ වයස අවුරුදු 40 ක් විතර ඇති,එහෙනම් අවුරුදු 23 නේ මට ඇයි එයාගේ අම්මාගේ චරිතයට රඟපාන්න  කියන්නේ කියලා.ඉන්පස්සේ කවදාවත් ඔහු මට මුණගැහුණේ නැහැ. නමුත් ඔහු සෑහෙන්න උත්සහයක් දරනවා මට ලැබෙන චිත්‍රපට නවත්වන්න.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දය ගැන තවත් තීරණාත්මක සාකච්ඡාවක් අද

0
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වනදා පවත්වනවා ද නැද්ද යන්න සම්බන්ධව මැතිවරණ කොමිසම අද (23) විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතයි.

රටේ මුදල් විනාශ වූ හැටි රනිල් හෙළි කරයි

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත...

තවත් අලුත් බදු දෙකක් එන බව ජනපති කියයි

0
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3ක් වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...