29 C
Colombo
Friday, August 12, 2022

ලොක්කන්ගේ පීඩා නිසා STF 3000ක් ඉවත් වීමට සැරසෙති

- Advertisement -

පොලිස් විශේෂ කාර්ය බළකායේ ඇතැම් උසස් නිලධාරින්ගේ පීඩාකාරී පරිපාලන ක්‍රමවේද හේතුවෙන් එම බළකායේ සාමාන්‍ය රාජකාරි හී නියුතුව සිටින නිලධාරීන් 3000කට අධික පිරිසක් ඉදිරියේදි සාමාන්‍ය පොලිස් සේවය වෙත මාරුවීමට අපේක්ෂාවෙන් සිටින බව ‘දිනමිණ’ ට වාර්තා වෙයි.

කොවිඩ්-19 දෙවැනි රැල්ලේ ව්‍යාප්තිය පාලනය කිරීමෙන් අනතුරුව අදාළ නිලධාරින් සිය මාරුවීම් උදෙසා බලකායේ අණදෙන නිලධාරිවරයා වෙත ලිපි භාරදීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

දීර්ඝ කාලයක සිට බළකායේ උසස් නිලධාරින් ඔවුන්ගේ පුද්ගලික සුඛවිහරණයට පමණක් සියලු පහසුකම් සපයා ගැනීම, අවධානම්කාරී නිල ඇඳුම් රාජකාරි කරන සාමාන්‍ය නිලධාරින්ට ප්‍රමුඛතාවක් නොදී මූලස්ථානයේ සිවිල් රාජකාරි හී නිරතවන පිරිස් වෙත සුවිශේෂි වරප්‍රසාද දීම සහ උසස් නිලධාරින් විසින් සාමාන්‍ය නිලධාරින්ගේ පුද්ගලික සුභසාධනය කිසිදු තැකීමකට ලක් නොකිරීම යන හේතු නිසාවෙන් මෙම තීරණය ගැනීමට නියමිත බව පැවැසේ.

දිනමිණ

RECENT ARTICLES - SINHALA

චීන නැවට ලංකාවට එන්න ඉඩ දෙන්න..! – විමල් ඇතුළු පිරිසක් කියයි

මතභේදයට තුඩු දී ඇති චීනයේ යුවාන් වැන්ග් - 5 පර්යේෂණ නෞකාවට හම්බන්තොට වරායට ඇතුළුවීමට අවසර ලබාදිය යුතු බවයි ස්වාධීන පක්ෂ එකමුතුව නිවේදනයක්...

පකිස්ථානු යුද නැව කොළඹ වරායට

මේ වන විට ආන්දෝලනාත්මක තත්ත්වයේ පසුවන පාකිස්ථාන යුද නෞකාව වන PNS Taimur නෞකාව අද (12) පෙරවරුවේදී කොළඹ වරායට ළඟා වී තිබෙනවා.

Whatsapp මගින් දරුවන් අපයෝජනය කළ කපුවෙක් අත්අඩංගුවට

දේවාලයක පූජකයෙකු ලෙස පෙනී සිටිමින් දරුවන් ලිංගික අපයෝජන සඳහා යොදාගත් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගාල්ල - උණවටුන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Chinese students to follow the Master of Finance in Economics of the University of...

0
The Sri Lanka Embassy hosted the commencement ceremony, for a batch of Chinese students enrolled for the Master of Financial Economics Programme...

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...