කොවිඩ් ව්‍යාප්තියේ බලපෑම නිසා අසරණ වී සිටින විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වීමේදී කිසි ලෙසකින් මුදල් වංචාවක් සිදු නොවන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.
මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සමාජ මාධ්‍ය ඔස්සේ නගන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
කොවිඩ් දෙවන රැල්ලේ ව්‍යාප්තිය වැඩිවීමත් සමග නැවතත් විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීම තාවකාලිකව නවතා දැමුණි.
ඒ අනුව, නැවතත් එම වැඩපිළිවෙල ආරම්භ කරන ලද්දේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අදාළ තානාපති කාර්යයාලය ඔස්සේ සම්බන්ධ වෙමින් නිරෝධායනය ද ඇතුළුව මෙරටට පැමිණීම සඳහා වන සියලු කටයුතුවලට මුදල් ගෙවා පැමිණිය හැකි “නව ක්‍රමය”ක් හඳුන්වාදෙමිනි.
කෙසේ වෙතත් මෙම නව ක්‍රමය ඔස්සේ මුදල් ගෙවා මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් අසරණ වී ඇති අයුරු දක්නට ලැබේ.