33 C
Colombo
Friday, April 19, 2024

ආදායම 26%කින් වැඩිවෙද්දී රජයේ බදු ආදායම 28%කින් වැඩිවෙලා.

- Advertisement -

ලංකා දුම්කොළ සමාගම 2020 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රකාශන නිකුත් කර ඇත. එම නිවේදනයේ සදහන් ‌  කර ඇත්තේ  පසුගිය කාල සීමාව තුළදී දුම්වැටි සඳහා රජය බඳු වැඩි කළ අවස්ථාවේදී දුම්වැටි අලෙවිය පහළ ගිය බවය. 

ඒ අනුව අදාළ කාර්තුව තුළ දී සමාගමේ ආදායම 26%කින් සහ රජයට ලබා දුන් බදු ආදායම 28%කින් වැඩි වී ඇත.

ලංකා දුම්කොළ සමාගමේ ආදායම 2020 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව තුළ දී රු. බිලියන 44.58 ක් ලෙසින් වාර්තා වී ඇත. සමස්තයක් ලෙස ගත් කළ 2020වර්ෂයේ  මුල් මාස 09 දී සමාගමේ සමස්ත ආදායම රු. බිලියන 103 ක් හෙවත් රු. කෝටි 10,300 කි. මෙහිදී රජයේ බදු ලෙසින් රු. බිලියන 78.13 ක් සහ ආදායම් බදු ලෙස රු. බිලියන 7.44 ක් ගෙවා තිබේ.

මෙම කාර්තුව තුළ දී සමාගමේ බදුගෙවීමට පෙර ලාභය රු. බිලියන 8.5 ක් වන අතර බදු ගෙවීමෙන් පසු ලාභය රු. බිලියන 4.9 ක් ලෙසින් වාර්තා වේ.

2020 මුල් මාස 09 අවසානයේ දී සමාගමේ බදු ගෙවීමෙන් පසු ලාභය රු. බිලියන 11.96 ක් වේ.

සිය කොටස්කරුවන් වෙනුවෙන් කොටසකට රු. 19.00 ක් බැගින් වූ ලාභාංශයක් ගෙවීමට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත.

කොවිඩ්-19 වසංගතය මෙරට ව්‍යාප්තිය ඇරඹි මුල් වකවානුව වූ 2020 අප්‍රේල් – ජූනි කාර්තුව තුළ දී සිගරට් අලෙවිය 38%කින් පහළ ගිය බව ලංකා දුම්කොළ සමාගම මීට පෙර ප්‍රකාශ කර සිටියේය.

ලංකා දුම්කොළ සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විශාලම සමාගම වන අතර සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙන් 7%කට එය හිමිකම් කියනු ලබයි.

RECENT ARTICLES - SINHALA

රැග් එක නවත්තන්න ‘මෛත්‍රී’ මාසයක්

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කීරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. උසස්...

කන්ටේනර් අනතුරෙන් හතරක් රෝහලට

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද (19) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලවෙල හන්දිය...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පත්කරලා තියෙන්නේ නිදිකුම්බා නායකයෙක්-දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීමට කුමන්ත්‍රණකාරින් කටයුතු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...