32 C
Colombo
Friday, April 19, 2024

කටුනායක ආරක්ෂාව තර කෙරේ – හේතුව මෙන්න

- Advertisement -

කටුනායක ගුවන් තොටුපොළේ ආචාරශීලි මෙන්ම සුහද බව කෙලෙසන සහ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට මෙතෙක් නියම කර තිබුණු රුපියල් 25000 දඩ මුදල ලක්ෂය දක්වා වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසන්නේ මෙවැනි අක්‍රමිකතාවල නියැලෙන්නන් හසුකර ගැනීමට සිවිල් ආරක්ෂක කණ්ඩායමක් යෙදවීමට සහ සිසිටිවී කැමරා පද්ධතියක් පුළුල් කර ඇති බවයි.

ඊට අමතරව පැමිණිලි භාර ගැනීම සඳහා විශේෂිත කවුළුවක් ද ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා.

බොහෝ ගුවන්තොටුපොළවල ඇති ආචාරශීලී බව සහ සුහද බව කටුනායක ගුවන්තොටුපොළේ නොමැති බව විදේශිකයන්ගෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බවද අමාත්‍යවරයා පවසනවා.

වැඩිදුරටත් අදහස් දක්වන අමාත්‍යවරයා විශේෂයෙන්ම ගමන්මලු ඔසවන්නන්, ටැක්සි රියදුරන් හා තැරැව්කරුවන් විවිධ අක්‍රමිකතාවල නියැලෙන බවටද පැමිණිලි ලැබෙන බවයි.

RECENT ARTICLES - SINHALA

ඔටාවා ඝාතකයා ඇප එපා කියලා

කැනඩාවේ ඔටාවා නගරයේදී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයා මේ අවස්ථාවේ ඇප ඉල්ලීමට බලාපොරොත්තු නොවන බව...

අපරාධ කරලා හැංගිලා ඉන්න පුළුවන් සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ – සිරිල් ගාමිණී පියතුමා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කර සොයාගත් තොරතුරු රැසක් මුලාශ්‍ර සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ බව සිරිල් ගාමිණී පියතුමන් පවසනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට...

මුහුද මැදදී මගී බෝට්ටුවක දරුවෙකු ප්‍රසූත කරයි

යාපනය නාගදීපය ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...