32 C
Colombo
Friday, March 29, 2024

ණය ගෙව්වාම නිල සංචිතය ඩොලර් මිලියන 807කින් පහළට

- Advertisement -

2020 ඔක්තෝබර් මාසය අවසානයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 5,858.5 ක් ලෙසින් වාර්තා වෙනවා.

මෙම අගය 2020 සැප්තැම්බර් 30 දිනට ඩොලර් මිලියන 6,666.3 ක් ලෙසින් සටහන් වුණා. ඔක්තෝබර් මාසය තුළ දී ඩොලර් මිලියන 807.8කින් නිල සංචිත වත්කම් ප්‍රමාණය පහළ ගොස් තිබෙනවා.

මෙහිදී විදේශ විනිමය සංචිතය ඔක්තෝබර් මාසය තුළ දී ඩොලර් මිලියන 6,188.9 සිට ඩොලර් මිලියන 5,384.9 ක් දක්වා ඩොලර් මිලියන 804කින් පහළ යාම මෙලෙස සංචිත වත්කම්වල අඩුවීමට ප්‍රධාන ලෙසින් දායක වී තිබෙනවා.

2020 ඔක්තෝබර් දෙවැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව රජය වෙනුවෙන් කල් පිරෙන එක්සත් ජනපද ඩොලර් බිලියනයක් වටිනා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක්, නියමිත කූපන ගෙවීම් ද සහිතව, පියවනු ලැබුවා. සංචිත වත්කම්වල පහළ යාම සඳහා එය ප්‍රධාන වශයෙන් හේතු වුණා.

RECENT ARTICLES - SINHALA

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...