පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.
ඒ අනුව බදුල්ල, ගාල්ල සහ කලුතර දිස්ත්‍රික්කවල ජනතාවට මෙලෙස අවදානම් නිවේදන නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.
එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, ඇල්පිටිය සහ නෙලුව ප්‍රදේශවලත් කලුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, බුලත්සිංහල, අගලවත්ත, වලල්ලාවිට ප්‍රදේශවලත් බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර යන ප්‍රදේශවලට අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.