බන්ධනාගාර නිලධාරීන් අතර කොවිඩ්-19 පැතිරයෑම වැළැක්වීම සඳහා නිරෝධායන කඳවුරක් ලෙස පවත්වාගෙන යන බෝගම්බර බන්ධනාගාරයේ රැඳෙවියන් සිව්දෙනෙකු එකම කුටියක රඳවා සිටියදී, ඔවුන් පලායෑමට උත්සහ කළ බවත් අහසට වෙඩි තබා අල්ලාගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වාර්තා කර තිබේ.
මේ වන විට නිරෝධායන කඳවුරක් ලෙස පවත්වාගෙන යන මහනුවර බෝගම්බර පැරණි බන්ධනාගාරයේ පවත්වාගෙන යන නිරෝදායන මධ්‍යස්ථානයේ කුටියක රඳවා සිටි එම රැඳෙවියන් කුටියේ දොර කඩාගෙන එළියට ආ බව එම වාර්තාවල සඳහන්ය. ඒ දැක බන්ධනාගාර නිලධාරීන් අහසට වෙඩි තබා ඔවුන් බියට පත් කොට පාලනය කළ බව ප්‍රකාශ කර ඇත.
මොවුන් එහි දොර කඩාගෙන පිටතට පැමිණ බන්ධනාගාරය තුළ පිහිටි එළිමහන් ප්‍රදේශයට පැමිණ ඇත. බෝගම්බර බන්ධනාගාරයේ මේවන විට රැඳවූවන් 310 පමණ සිටින වාර්තා වෙයි.