26 C
Colombo
Friday, March 29, 2024

මහනුවර උසස් විදුහලක සිසු පිරිසක් තවත් සිසුවෙකුට විකට් පොලුවලින් පහර දීලා

- Advertisement -

මේ දිනවල පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්ණ පත්‍රය ඊයේ (06) පෙරවරුවේ මුහුණ දුන් මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ සිසුවෙකුට එම විදුහලේ තවත් සිසු පිරිසක් විකට් පොලුවලින් පහරදී තිබෙනවා.

පහර දීමෙන් තුවාල ලැබූ එම සිසුවා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් එම සිසුවාට ඊයේ (06) ගණිතය දෙවන ප්‍රශ්ණ පත්‍රයට පෙනී සිටීමේ අවස්ථාව මෙන්ම සෙසු විෂයන්වලට ද පෙනී සිටීමේ අවස්ථාව මඟ හැරී යනු බව සඳහන් වනවා.

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සිසුවෙක් මෙලෙස පහර කෑමට ලක්වී තිබෙනවා.

ඊයේ (06) පෙරවරුවේ පැවැති ගණිතය ප්‍රශ්ණ පත්‍රයට පිළිතුරු සපයා අවසන් කර අදාළ සිසුවා ආහාර ගැනීම සඳහා ආපනශාලාව වෙත ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පාසලේ කැපී පෙනෙන දක්ෂතා පෙන්වන බව කියන මෙම සිසුවාට සිසුන් පිරිසක් පැමිණ “තොට ඊළඟ ප්‍රශ්න පත්‍රයට ලියන්නට දෙන්නේ නැතැයි” බව පවසමින් විකට් පොලුවලින් පහර දී ඇති බව මුලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...