මහර බන්ධනාගාර ගැටුමේ ඇසින් දුටු සාක්ෂිකරුවන්ට බන්ධනාගාරය තුලදී විවිධ වධ හිංසන එල්ල වන බවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි.
මහර බන්ධනාරයේ අපරාධය ඇසින් දුටු සාක්ෂිකරුවන්ට නිසි පරිදි ආහාර පාන ලබා නොදෙන බවටත් ඔවුන්ගේ ජීවිත අනතුරේ බවත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් පවසයි.
ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ,
“අපි දිගින් දිගටම කියන්නේ මේ මිනිමරුවොන්ගේ යටතේ තමයි අද මේ සාක්ෂි කරුවෝ ඉන්නේ. මේ ගොල්ලෝ මොන ක්‍රමයෙන් හරි මේ සාක්ෂි වළලන්න විශාල උත්සාහයක් දරනවා. “
නොවැම්බර් 29 දින සිදු වු මහර බන්ධනාගාරයේ සමුලඝාතනයෙන් මියගිය එකොලොස් දෙනාගෙන්, අට දෙනකුම මරුමුවට පත්ව ඇත්තේ වෙඩි වැදීමෙන් සිදුවූ බරපතල තුවාල වලින් බව අධිකරණය හමුවේ මේ වන විට තහවුරු වී ඇත.