30.6 C
Colombo
Tuesday, April 23, 2024

මැට් හාඩි අමුතු තරගයක – AEW ෆුල් ගියර් අවසාන ප්‍රතිඵල

- Advertisement -

WWE ආයතනයට විකල්පයක් ලෙස ආරම්භ කළ AEW වර්ෂාවසාන pay-per-view එක වන ෆුල් ගියර් නොවැම්බර් 07 වැනිදා පැවැත්වුවා. එහි ප්‍රධාන තරගයේදී ජොන් මොක්ස්ලි (WWE  හිදී ඩීන් ඇම්බ්‍රෝස්) I Quit තරගයකදී එඩී කින්ස්ටන්ව පරාජය කළා.

කටු කම්බි, බේස්බෝල් පිති සහ ඇණ ආදිය පාවිච්චි කළ හිංසනයෙන් පිරි තරගයක් වූ එහිදී, ක්‍රීඩකයන් දෙදෙනාගේම සිරුරුවල තුවාල ඇතිවන තත්වයට තරගය පත්ව තිබුණා. තරගය අවසාන වුණේ කිංස්ටන්ගේ ගෙලට කටුකම්බියක් තද වන ආකාරයට බුල්ඩෝග් ලොක් එකක් යෙදීමෙන්.

සාමාන්‍යයෙන් රෙස්ලින් තරග පවත්වන්නේ වළල්ල තුළ. එහෙත්, කොවිඩ්-19 වසංගතයෙන් පසු සජීවී ප්‍රේක්ෂකයන් එකතු කරගැනීම අසීරු නිසා වළල්ලෙන් පිට සිනමාත්මක තරග පැවැත්වීමේ සංස්කෘතියක්ද ඇතිව තිබුණා.

මැට් හාඩි සහභාගී වූ සිනමාත්මක තරගයක් ෆුල් ගියර් pay-per-view එකට එකතු කර තිබුණා. ඒ මැට් හාඩි සහ සැමී ගෙවාරා අතර. එම තරගයට WWE  පැරණි රෙස්ලින් තරු වූ ‘හරිකේන් හෙල්ම්ස්’ සහ ‘ග්‍රැන්ගෙල්’ සහභාගී වීම විශේෂයි. තරගය ජයගත්තේ මැට් හාඩි.

ක්‍රිස් ජෙරිකෝ සහ එම්ජේඑෆ් අතර තරගයත බොහෝ දෙනෙක් පුල පුලා බලා සිටි තරගයක් වුණා. ක්‍රිස් ජෙරිකෝගේ තරුණ කාලය සිහිපත් කරවන පෙනුමක් සහ ගති පැවතුම් ඇති එම්ජේඑෆ් ජෙරිකෝව පරාජය කිරීමට සමත්දැයි මෙම තරගයේදී බොහෝ අය බලා සිටියා. අවසන වංචා කිරීමකින් එම්ජේඑෆ් තරගය ජයගත්තා.

බොහෝ දෙනෙකු අපේක්ෂා කළ ‘සිහින තරගයක්’ වුණේ ‘යං බක්ස්’ කණ්ඩායම සහ ‘එෆ්ටීආර්’ කණ්ඩායම අතර පැවති ටැග් ටීම් තරගය. එය දැන් ලොව සිටින හොඳම රෙස්ලින් ටැග් ටීම් කණ්ඩායම් දෙක එකිනෙකා මුණගැසුණු තරගය ලෙස සලකනු ලැබුවා. එමෙන්ම එම තරගය රෙස්ලින් ඉතිහාසයේ සුවිශේෂී තරගයක් ලෙසද සලකනු ලැබුවා.

WWE හිදී ‘ද රිවයිවල්’ ලෙස හැඳින්වූ එෆ්ටීආර් කණ්ඩායම සහ WWE ආයතනයේ ක්‍රීඩා නොකළ කණ්ඩායමක් වන යං බක්ස් කණ්ඩායම ලොව හොඳම රෙස්ලින් කණ්ඩායම් දෙක ලෙස බොහෝ විචාරකයන් විශ්වාස කළා. කෙසේ වෙතත්, රිවයිවල් කණ්ඩායම WWE ආයතනයේ සිටි නිසා එම කණ්ඩායම් දෙක අතර තරගයක් දැකබලාගැනීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක් ලැබුණේ නැහැ.

එෆ්ටීආර් කණ්ඩායම 2020 වර්ෂයේ මුල WWE  ආයතනයෙන් ඉවත් වූ පසු ඔවුන් AEW ආයතනය සමග එකතු වුණා. ඉන්පසු ඔවුන් තරගයකදී මුණගැසුණු මුල්ම අවස්ථාව මෙය. ජයග්‍රාහකයෙක් නොමැතිව දීර්ඝ වෙලාවක් පැවති තරගය අවසන ජයගත්තේ යං බක්ස් කණ්ඩායම.

ලොව දක්ෂතම රෙස්ලින් ක්‍රීඩකයා ලෙස විචාරකයන් සලකනු ලබන්නේ AEW ආයතනයේ සිටින කෙනී ඔමේගා. පසුගිය සති කිහිපයේ පැවති, AEW ලෝක ශූරතාව වෙනුවෙන් වූ කණ්ඩායම් තරගාවලියේ අවසන් තරගය ෆුල් ගියර්හිදී පැවැත්වුවා. ඒ කෙනී ඔමේගා සහ හැන්ග්මෑන් ඇඩම් පේජ් අතර. ඇඩම් පේජ් සහ ඔමේගා සමීප මිතුරන්. ඔවුන් දෙදෙනා පසුගිය කාලයේ ටැග් ටීම් කණ්ඩායමක්ව සිටියා. ශූරතාව පවා ඔවුන් දිනාගත්තා. එහෙත්, දෙදෙනා අතර මතගැටුමකින් පසු මේ දෙදෙනා තරගාවලියේ අවසන් තරගයේදී එකිනෙකා මුණගැසුණා. තරගය ජයගත්තේ කෙනී ඔමේගා.

RECENT ARTICLES - SINHALA

ලංකාවේ සිට ඉන්දියාවට පිහිනමින් සිටි 78 හැවිරිදි පුද්ගලයෙක් මරුට

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි වෙත පිහිනමින් සිටි පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මෙසේ මියගොස් ඇත්තේ 78 හැවිරිදි වියේ පසුවූ...

ඉරානය හා ලංකාව අතර නව ගිවිසුම් 5ක්

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද අත්සන් තැබීමට නියමිතයි. මහවැලි...

නව විදුලිබල පනතෙන් වෙන හානියට ලක්ෂ 500ක වන්දියක් ඉල්ලා නඩුවක්

නව විදුලිබල පනත් කෙටුම්පත මගින් මෙරට පුරවැසියන්ට සිදුවන අගතිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 500ක වන්දියක් ඉල්ලා අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය ඊයේ...

POPULAR ARTICLES

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...