33 C
Colombo
Thursday, March 28, 2024

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

- Advertisement -

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා කියා සිටියේ මේ සම්බන්ධව හෙට දිනයේ දී පළාත් පාලන අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දීමක් සිදු කරන බවයි.

පසුගියදා පළාත් පාලන අමාත්‍යංශය විසින් පළාත් පාලන ආයතන අධීක්ෂණය සඳහා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ විශේෂ නියෝජිතයෙකු පත්කිරීම සම්බන්ධව චක්‍රලේඛයක් නිකුත් කර තිබුණා.

මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ අදාළ තීරණයෙන් පළාත් පාලන ආයතනවල කටයුතු යම් දේශපාලනීකරණයට ලක් වන බවයි.

තවද සෙසු දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් වන අපේක්ෂකයින්ට අසාධාරණයක් වන බවට විවිධ පාර්ශ්ව වෙතින් පැමිණිලි ලැබී ඇති බවද එම සභාව සඳහන් කරනවා.

පළාත් පාලන අධීක්ෂණය සඳහා නියෝජිතයෙකු පත්කිරීමේ තීරණයට මැතිවරණ කොමිසම විරෝධය පළකරන අතර පළාත් පාලන ආයතන සම්බන්ධීකරණය සහ අවශ්‍ය තොරතුරු අදාළ පළාත් පාලන ආයතනයේ නාගරික කොමසාරිවයාගෙන් හෝ ලේකම්වරයාගෙන් ලබා හැකි බවයි නීතිඥ නිමිල් ජී පුංචිහේවා මහතා වැඩිදුරටත් කියා සිටියේ.

RECENT ARTICLES - SINHALA

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...

අද රන් මිල

පසුගිය දිනවලට සාපේක්ෂව අද (28) දිනයේ රන් මිල තරමක ඉහළ අගයක් ගනු ලැබුවා. ඒ අනුව, කැරට් 22 යි ග්‍රෑම් 8ක මිල ප්‍රමාණය අද සටහන් වූයේ...

ෆෝන් එකට එන කාර්ගිල්ස් පණිවුඩය ගැන නිවේදනයක්

උත්සව සමයේදී ත්‍යාග ලබා දෙන බව පවසමින් Cargills FoodCity ආයතනයේ වෙළඳ නාමය යොදාගෙන සිදු කෙරෙන වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙනවා. ජංගම දුරකථනවලට කෙටි පණිවිඩයක් වශයෙන්...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...