31 C
Colombo
Thursday, April 18, 2024

වසර මිලියන 99ක් පැරණි ෆොසිලයකින් විද්‍යාඥයන් සොයාගත් දේ

- Advertisement -

මියන්මාරයේදී හමු වූ ෆොසිල අධ්‍යන කිරීමෙන් විද්‍යාඥයන් අමුතු, ඒත් විස්මයජනක සත්වයෙකු ගැන කරුණු සොයාගෙන. විස්මයජනක කරුණ වන්නේ විද්‍යාඥයන් සොයාගත් එම සත්වයාට ඈතට විදීමට හැකි දිවක් තිබීම.

ඇත්ත, එවැනි දිවක් තිබෙන සත්වයන් ඕනෑ තරම් අද සිටිනවා. එහෙත්, මේ සොයාගැනීම පසුපස ඇති විද්‍යාඥයන්ට වැදගත් කරුණ වන්නේ වසර මිලියන අනූනවයක් මේ සත්වයා පැරණි වීම. වසර මිලියන අනූනවයක් කියන්නේ ඉතා දීර්ඝ කාලයකට පෙර. අදටත් සත්වයන් ගැන අධ්‍යන කරන උදවිය තමන්ගේ දිව ඈතට විදිමින් දඩයම් කළ හැකි සත්වයන් පිළිබඳ උනන්දුවක් දක්වනවා. වනජීවී ඡායාරූප ශිල්පියෙකුට හෝ වාර්තා චිත්‍රපටිකරුවෙකුට එවැනි සතෙක් දඩයම් කරන අයුරු අල්ලාගැනීම තරම් විශේෂ අවස්ථාවක් නැහැ. ඒ අනුව දිවෙන් දඩයම් කරන සතුන් අතර, මේ ෆොසිල හමු වූ සත්වයා ආදීතමයෙක් විය හැකියි.

albanerpetontids ගණයට අයත් මේ සතුන් වර්ගයට උරගයෙකුගේ පෙනුමම අඩු වැඩි වශයෙන් තිබෙනවා. ගණ සමක්, කොරපොතු ආදිය තිබෙනවා.  එම සත්ව වර්ගයට දී ඇති නාමය Yaksha perettii. එහෙත්, මේ සත්වයා උරග කුලයටත් වඩා උභය ජීවී කුලයට අයත් වන බව විද්‍යාඥයන් පවසනවා.

අද අප උභය ජීවීන් ලෙස හඳුනාගන්නා ප්‍රධාන සතුන් වර්ග වන්නේ ගෙම්බන්, සලමන්දරයන් සහ පාද නැති සෙසිලියන් යන සතුන් වර්ග තුන.

අපගේ කතාබහට මුල් වූ ආදිකාලීන සත්වයා පිළිබඳ අධ්‍යන කර තිබුණේ ෆ්ලොරීඩාහි Florida Museum of Natural History’s digital discovery and dissemination laboratory ආයතනයේ අධ්‍යක්ෂ එඩ්වර්ඩ් ස්ටැන්ලි ප්‍රමුඛ කණ්ඩායමක්.

ස්ටැන්ලි කියා තිබුණේ ‘ ඔවුන්ගේ දිව දැක්කාම, එවැනි දිවක් තිබෙන සතුන්ගේ පරම්පරාව ගැන අලුත් අවබෝධයක් අපට ලබාගන්න පුළුවන්. මේ සොයාගැනීම අමුතු, ඒත් පුංචි සතුන් කාණ්ඩයක් ගැන අඳුරු ඉතිහාසයට හරිම ලස්සන තොරතුරු ටිකක් එකතු කරනවා.’ කියායි.

මෙම අධ්‍යනයට එකතු වී සිටි ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සූසන් එවන්ස් කියන්නේ මේ උභය ජීවීන් වර්ගයේ ඉතිහාසය අවුරුදු මිලියන 250ක් පමණ දක්වා ඇදී යෑමේ ඉඩක් තිබෙන බව. ඇතැම්විට ඔවුන් කටුස්සන්ටත් වඩා දීර්ඝ ඉතිහාසයක් ඇති සතුන් වර්ගයක් විය හැකි බව ඇය කියනවා.

මෙම අපූරු සොයාගැනීම උභය ජීවීන්ගේ ඉතිහාසය සොයා යන ගමනේ අපූරු අවස්ථාවක් ලෙස සැලකිය හැකියි.

සාරා හනීෆා

RECENT ARTICLES - SINHALA

පසුගිය මාස තුනට දුම්රිය පීලි පැනීම් 30ක්

දුම්රිය මාර්ග නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා මේ වසරේ ජනවාරි 01 වන දින සිට අප්‍රේල් මස 14වන දින දක්වා කාලය තුළ දුම්රිය පීළි පැනීම්...

PHI ඝාතනයට පැමිණි යතුරු පැදියේ කොටස් සොයා ගැනේ

කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරික්ෂකවරුයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් පැමිණි බවට සැකකෙරෙන යතුරු පැදියේ අංක තහඩු හා යතුරු...

ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක්

ඉන්දුනීසියාවේ 'Ruang' ගිනි කන්ද සක්‍රිය වීම හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. බලධාරීන් අනතුරු අඟවන්නේ, විධාරණය වෙමින් පවතින...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...