27 C
Colombo
Friday, April 19, 2024

හෙට සිට විශේෂ දුම්රියන් කිහිපයක් ධාවනයට

- Advertisement -

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් හෙට (16) දින සිට උදෑසන සහ පස්වරුවේ විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා. කෙසේ වෙතත් අදාල දුම්රියන් සෞඛ්‍ය අංශ විසින් හුදකලා ප්‍රදේශ ලෙස නම්කර ඇති පොලිස් බලප්‍රදේශයන්හී නොනවත්වා ධාවනය කරනු ඇති. ඒ අනුව පහත සදහන් දුම්රිය ස්ථානවල කිසිදු දුම්රියක් නොනවත්වා ධාවනය කෙරෙන අතර හුදකලා කර ඇති දුම්රිය ස්ථාන අතරින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පමණක් සියලුම දුම්රිය නැවැත්වීමට සහ ගමනාරම්භ කිරීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා.

ප්‍රධාන මාර්ගය – කොළඹ කොටුව සිට පොල්ගහවෙළ/රඹුක්කන/මහනුවර/ගනේවත්ත/ මහව දක්වා
• මරදාන දුම්රිය ස්ථානය
• දෙමටගොඩ දුම්රිය ස්ථානය
• කැළණිය දුම්රිය ස්ථානය
• වනවාසයලදුම්රිය ස්ථානය
• එඩේරමුල්ල දුම්රිය ස්ථානය
• හොරපේ දුම්රිය ස්ථානය
• රාගම දුම්රිය ස්ථානය
• වල්පොළ දුම්රිය ස්ථානය
• බටුවත්ත දුම්රිය ස්ථානය

හලාවත මාර්ගය – කොළඹ කොටුව සිට හලාවත/පුත්තලම දක්වා
• පේරලන්ද දුම්රිය ස්ථානය
• ජා-ඇල දුම්රිය ස්ථානය
• තුඩැල්ල දුම්රිය ස්ථානය
• කුඩහකපොළ දුම්රිය ස්ථානය
• කුරණ දුම්රිය ස්ථානය
• මීගමුව දුම්රිය ස්ථානය
• කට්ටුව දුම්රිය ස්ථානය

කැළණිවැලි මාර්ගය – කොළඹ කොටුව සිට කොස්ගම/අවිස්සාවේල්ල දක්වා
• බේස්ලයින් පාර දුම්රිය ස්ථානය
• කොටාපාර දුම්රිය ස්ථානය

මුහුදුබඩ මාර්ගය – කොළඹ කොටුව සිට පානදුර/දකුණු කළුතර/අළුත්ගම/හික්කඩුව/ගාල්ල/මාතර/බෙලිඅත්ත දක්වා
• මහලේකම් කාර්යාලය දුම්රිය ස්ථානය
• කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය
• අඟුලාන දුම්රිය ස්ථානය

RECENT ARTICLES - SINHALA

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...