29.7 C
Colombo
Tuesday, April 23, 2024

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ – සජිත්

- Advertisement -

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම මෝධි ගම්මානයේ පැවැති ජනහමුවක දීයි.

රට බංකොලොත් වූයේ ලක්ෂ 220ක් වූ ජනතාව නිසා නොව රටේ සම්පත් දේපල සොරාගන්නා ලද රාජපක්ෂ පාලනය නිසා වුවත්, ජනාධිපතිවරයාගේ පදනම වී ඇත්තේ රට විනාශ කළ රාජපක්ෂ පරපුර සහ ඔවුන්ගේ හිතවාදී මන්ත්‍රීවරුන් ආරක්ෂා කිරීම බවයි සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ.

රට පත්ව ඇති  බංකොලොත් භාවයෙන් ගොඩ ඒමට ඇති පහසුම ක්‍රමය කොමිස්වලින් අල්ලස්වලින් හා හොරා කෑ මුදල් නැවත ලබා ගැනීම බැවින් ඒ හැකියාව සමගි ජනබලවේගය සතු බවයි ඔහු කියා සිටියේ.

RECENT ARTICLES - SINHALA

ගම්පහ ඔස්මන් ඝාතන සැලසුමක් හෙළි වෙයි

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන "ඔස්මන්" නැමැත්තා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (23) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ...

ලංකාවේ සිට ඉන්දියාවට පිහිනමින් සිටි 78 හැවිරිදි පුද්ගලයෙක් මරුට

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි වෙත පිහිනමින් සිටි පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මෙසේ මියගොස් ඇත්තේ 78 හැවිරිදි වියේ පසුවූ...

ඉරානය හා ලංකාව අතර නව ගිවිසුම් 5ක්

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද අත්සන් තැබීමට නියමිතයි. මහවැලි...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...