24 C
Colombo
Sunday, January 19, 2025

සුනඛයෙකුට පහරදුන් සැකකරුවන් 02ක් අත්අඩංගුවට

- Advertisement -

ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් සුනඛයෙකු හට පොල්ලකින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සංසරණය වුණා.

ඒ සම්බන්ධව සුනඛයාගේ හිමිකාරිය විසින් ඊයේ (18) අක්මීමණ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් 2024.12.11 වන දින ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් තම සුනඛයාට පහර දුන් බවත් ඒ හේතුවෙන් සුනඛයා මියගොස් ඇති බවට පවසා තිබෙනවා.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ අක්මීමණ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වීඩියෝවෙහි සිටි සුනඛයාට පහරදුන් සැකකරුවන් දෙදෙනා ත්‍රීරෝද රථය ද සමග ඊයේ අත්අඩංගුවට ගැනීමට සමත්ව වු බවට වාර්තා වනවා.

සැකකරුවන් වයස අවුරුදු 34 ක් සහ 37ක් වූ බටදූව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මෙය 1907 අංක 13 දරන සත්ත්ව හිංසාව වැළැක්වීමේ ආඥා පනතේ දෙවැනි වගන්තිය යටතේ යම් තැනැත්තකු යම් සතකුට කෘෘර ලෙස පහරදීම, හිංසා කිරීම, නොසලකා හැරීම, වාහනයක, කූඩයක රැගෙන යෑම, වේදනාවට පත්කිරීම ආදී ක්‍රියා මඟින් සත්ත්ව හිංසනය කිරීම යටතේ ගැනෙන වරදකි.

ඒ අනුව මෙම සැකකරුවන් අද(19) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

මහින්ද කොළඹ ගෙදරින් දොට්ට වැටෙන ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තක්සේරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසා සිටියේ එම නිවසෙහි තක්සේරුව...

මහ ගංවතුර තත්ත්වයක්; වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදන

නාච්චාදූව ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර ඇති බැවින් මේ වනවිට තත්පරයට ඝණ අඩි 3,700 ක් තරම් සීග්‍රතාවයකින් මල්වතු ඔයට ජලය පිටවාන් දැමීම සහ මල්වතු...

‍මන්නාරම් වෙඩි තැබීමට හමුදා සෙබළකු ඇතුළු තුනක් මාට්ටු

මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට සිදුකළ වෙඩි තැබීමේ සිදුවිම සම්බන්ධයෙන් යුද හමුදා සෙබළකු අ‍ැතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය පවසනවා. පොලිසිය සඳහන් කළේ සැකකරුවන් අතර...

POPULAR ARTICLES