27.8 C
Colombo
Monday, December 2, 2024

කෝටි 6ක වත්කම් කොල්ලකෑ 09ක් අත්අඩංගුවට

- Advertisement -

අවි පෙන්වා බියගන්වා රුපියල් කෝටි 06කට අධික වටිනාකමකින් යුත් නිල් මැණික්, රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑමකට සම්බන්ධ පුද්ගලයන් 9 දෙනෙකු ඊයේ (29) අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසනවා.

නොවැම්බර් මස 10වනදා ලග්ගල පොලිස් වසමේදී සිදුවූ කොල්ලකෑමක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

මාවතගම හා පොල්පිතිගම පොලිස් වසම්වලදී මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් විසින් කොල්ලකන ලද රුපියල් කෝටියකට අධික මුදලක්, රන් පවුම් 07ක් සහ අපරාධය සඳහා භාවිතා කළ සෙල්ලම් පිස්තෝල 02ක්, පිහියක් සහ වෑන් රථයක්ද පොලීසිය සිය භාරයට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර චීවරධාරියෙක්ද සිටින අතර, ඔවුන් අවුරුදු 38ත් 49ත් අතර වයස්වල පසුවන වත්තේගම, සපුගස්කන්ද, පොල්පිතිගම, කුරුණෑගල, රත්නපුර හා විල්ගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

ජනපති සහල් මෝල් හිමියන් සමග විශේෂ සාකච්ඡාවක් තියලා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් අද (02) පවත්වා තිබෙනවා. ඉදිරි මාසවලදී සහල්...

වට්ස්ඇප් ගිණුමක් තියනවද?මේ ගැනත් සැළකිලිමත් වන්න

වර්ථමානයේ වට්ස්ඇප් ජාලය හරහා විවිධ අකටයුතුකම් සිදුව ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පවසනවා. ඔහු පැවසුවේ...

චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනපතිට

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීමට පත්කළ කේ. ටී. චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

POPULAR ARTICLES