30.6 C
Colombo
Tuesday, April 23, 2024

‘ඉටුකම’ කොවිඩ් අරමුදලේ බිලියන 1.6 ක් තවමත් ප්‍රයෝජනයට අරගෙන නැහැ

- Advertisement -

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පසුගිය වසරේ මාර්තු මාසයේදී අති උත්කර්ෂවත් අන්දමින් ආරම්භ කරන ලද ‘ඉටුකාම’ කෝවිඩ් -19 අරමුදලේ තවමත් රුපියල් බිලියනයකට වැඩි මුදලක් ප්‍රයෝජනයට නොගෙන තිබෙන බවට තොරතුරු අනාවරණය වනවා.

සන්ඩේ ටයිම්ස් පුවත්පත තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ සිදුකරන ලද ඉල්ලීමකට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබුණු ප්‍රතිචාරයකින් දන්වා ඇත්තේ රුපියල් බිලියන 1.6 ක මුදලක් එම ගිණුමේ තවමත් භාවිතයට නොගෙන පවතින බවයි.

පසුගිය වසරේ මාර්තු 23 වෙනිදා ‘ඉටුකම’ කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ගිණුමට පළමු පරිත්‍යාගය සිදු කළා.

ජනාධිපති ලේකම් කාර්යාලය සදහන් කරන්නේ 2021 සැප්තැම්බර් 21 වනදා වන විට එම ගිණුමට රුපියල් බිලියන 1.8 ක මුදලක් බැරවී ඇති බවයි.

ඒ අනුව 2021 සැප්තැම්බර් 21 වනදා වන විට එම ගිණුමෙහි ඇති රුපියල් මිලියන 189 කට ආසන්න මුදලක් පමණක් වැය කර තිබෙනවා.

‘ඉටුකම’ කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලෙන් වියදම් කරන ලද රුපියල් මිලියන එකසිය අසූ නවයෙන් රුපියල් මිලියන 42.6 ක් PCR පරීක්‍ෂණය සඳහාද රුපියල් මිලියන 67.5 ක් “උපදේශන වැඩසටහනක්” සඳහාද තවත් රුපියල් මිලියන 38 ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත පුද්ගලයින් ප්‍රවාහනය කිරීම සදහාද වැයකර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කරනවා.

දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා වියදම් කරන ලද රුපියල් මිලියන 67.5 ක මුදල කුමන කරුණු සඳහා වියදම් කළේ දැයි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සිදුකරන ලද විමසීමේදී ඔවුන් ප්‍රතිචාර ලෙස දක්වා ඇත්තේ එම වැඩසටහන් මුළුමනින්ම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන ලද ඒවා නිසා ඒ පිළිබදව තොරතුරු නොමැති බවයි.

මෙම අරමුදලින් ජාතික එන්නත්කරණ වැඩසටහනට රුපියල් මිලියන 41.5 ක් වැනි සුළු මුදලක් පමණක් වියදම් කර තිබීමද විශේෂත්වයක්.

කෙසේ වෙතත්, මේ වසරේ මැයි 10 දා ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජාතික එන්නත් කිරීමේ වැඩසටහන සඳහා ‘ඉටුකම’ කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය භාවිතා කිරීමට රජය තීරණය කළ බවයි.

එම නිවේදනයෙහිම සදහන් වූයේ ‘ඉටුකම’ අරමුදලෙහි ඉතිරිව ඇති ශේෂය එන්නත්කරණය සඳහා රජය වැය කිරීමට අපේක්ෂිත මුදලට වඩා සාපේක්ෂව ඉතා කුඩා ප්‍රමාණයක් බවයි.

එම නිවේදනයෙහිම දැක්වුණේ ‘ඉටුකම’ අරමුදලෙන් රුපියල් මිලියන 194 ක මුදලක් ගිලන් රථ 10 ක් ගෙන්වීම සඳහා වැයකර ඇති බවයි.

කෙසේ වෙතත්, තොරතුරු දැන ගැනීමේ පත්‍රිකාවට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය දන්වා ඇත්තේ ගිලන් රථ මිලදී ගැනීම සඳහා ‘ඉටුකම’ අරමුදලෙහි මුදල් වෙන්කර නොමැති බවයි.

RECENT ARTICLES - SINHALA

නව විදුලිබල පනතෙන් වෙන හානියට ලක්ෂ 500ක වන්දියක් ඉල්ලා නඩුවක්

නව විදුලිබල පනත් කෙටුම්පත මගින් මෙරට පුරවැසියන්ට සිදුවන අගතිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 500ක වන්දියක් ඉල්ලා අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය ඊයේ...

Fox Hill DJ පාටිය ගැන යුද හමුදාවෙන් නිවේදනයක්

දියතලාව Fox Hill සුපර් ක්‍රොස් තරගාවලිය අතරතුර සිදු වු අනතුරෙන් පසු Fox Hill Journey නමින් පවත්වන ලද DJ රාත්‍රිය සම්බන්දයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව...

විරෝධතාවයකට එරෙහිව අධිකරණයෙන් නියෝගයක්

ලංකා විදුලි සේවක සංගමය මගින් හෙට (24) පොල්දූව වටරවුම ආශ්‍රිතව සංවිධානය කර ඇති විරෝධතාවයට එරෙහිව පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන ඇත. පොලීසිය පවසන්නේ වැලිකඩ පොලිස්...

POPULAR ARTICLES

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...