31 C
Colombo
Sunday, December 3, 2023

සජිත්ගේ 10ක් රනිල්ට එක් වෙනවා..! – මහින්දානන්ද

- Advertisement -

ඉදිරි සති දෙකක කාලය තුල සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10ක් පමණ රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ඒ අද (24) දින පාර්ලිමේන්තුව අමතමින්.

“හ,ර,එ,ස” යන අකුරු වලින් නම් පටන් ගන්නා මන්ත්‍රීවරුන් එලෙස එක්වන මන්ත්‍රීවරුන් අතර වන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා පවසන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා,

“තවත් මාස දෙක තුනක් යනකොට බලාගන්න පුලුවන් සජිත් ප්‍රේමදාස විපක්ෂනායක තුමාගේ කී දෙනෙක් ගැලවිලා රනිල් වික්‍රමසිංහ මහතා ලඟ හිටගන්නවාද කියලා. කැට තියලා කියනවා තව සුමාන දෙකයි. එන අයගේ නම් ටික කියන්නද? 08 දෙනෙක් එනවා. දැනට 10ක් කතා කරලා තිබෙනවා.

මම අර කිව්වානේ 10ක් ගැන. හ යන්නෙන් එක්කෙනයි, එ යන්නෙන් එක්කෙනයි, ර යන්නෙන් එක්කෙනයි, ස යන්නෙන් එක්කෙනයි. ඔයාලගේ ඒ නම් ටික බලාගන්න. ඒ මුල් අකුරු 4ම කිව්වම.”

RECENT ARTICLES - SINHALA

දේශබන්දු ඉවත්කිරීමට රනිල්ගෙන් අලුත් සැලසුමක්

අලුතෙන් පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ස්ථාපිත කොට ඒ සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති කාර්යාලය සැලසුම් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. ජනාධිපතිවරයා...

බදු නොගෙවූ සුපිරි වාහන 500ක් රට පුරා

අනුමත රේගු බදු නොගෙවා වාහන අමතර කොටස් ආනයනය කර පසුව ඒවා එකලස් කර ඉතා වටිනා වාහන නිපදවා අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අල්ලස් දූෂණ...

බඹර ප්‍රහාරයකින් ගම්පොළ උණුසුම් වෙයි

සේවයේ නියුතු හමුදා සෙබළකුගේ මරණයක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු වලට ගිය ගම්පොල ස්ථානීය පරීක්ෂණාගාරයේ නිලධාරීන්ට පල්ලේල්දෙල්තොටදී බඹර ප්‍රහාරයක් එල්ල වීමෙන් මාධ්‍යවේදියෙකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන  https://www.doenets.lk  සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...

සා.පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ අනාවරණ‍යක්

මෙවර 2022 අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත මෙවර සිසුන් දෙලක්ෂ නමදාස් හත්සිය හැට එකක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. එය 72.07% ප්‍රතිශතයක් බවයි සඳහන්...

සුරාසැල් විවෘතව තබන වේලාවේ වෙනසක්

සුරාසැල් විවෘතව තබන වේලාවන්වල වෙනසක් සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා අද (01) දින සුරාබදු පරීක්ෂකවරුන්ගේ වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින් රාජ්‍ය...