24 C
Colombo
Sunday, January 19, 2025

මොන්ටිනිග්‍රෝහී වෙඩි තැබීමකින් පුද්ගලයින් 10ක් මරුට

- Advertisement -

මොන්ටිනිග්‍රෝහී හෝටලයක සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

එලෙස වෙඩි තැබීම සිදු කර ඇත්තේ, 45 හැවිරිදි පුද්ගලයෙක්.

අදාළ සැකකරු හෝටලයක් තුළට පැමිණ වෙඩි තබා පළාගොස් තවත් ස්ථාන තුනකදී වෙඩි තැබීම් සිදු කොට තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පොලීසිය විසින් සැකකරු සෙවීම සඳහා තාප දර්ශනය සහිත ඩ්‍රෝන යානයක් යොදවා මෙහෙයුම් දියත් කළ බවයි.

ඒ අනුව කඳුකර ප්‍රදේශයක සිටියදී අදාළ සැකකරු සොයාගෙන ඇති අතර එම අවස්ථාවේදී ඔහු සියදිවි නසා ගැනීමට තැත් කර තිබෙනවා.

අධික ලෙස තුවාල ලබා සිටි ඔහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගිය බව සඳහන්.

අදාළ සැකකරු අධික ලෙස මත්පැන් පානය කර තිබූ බවට ද අනාවරණය වු බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මීට පෙර ඔහු නීතිවිරෝධී ආයුධ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ද එල්ල වී තිබූ අයෙක් බවත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්.

එරට ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙය එරට සිදු වූ දරුණුතම සමූල ඝාතනයක් බවයි.

කෙසේ වෙතත් අදාළ සිදුවීම හේතුවෙන් එරට දින තුනක ජාතික ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

උතුරුමැද පළාතේ පාසල් ගැනත් විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ ද සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබෙනවා මේ බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස්...

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

POPULAR ARTICLES