25 C
Colombo
Thursday, January 16, 2025

අමෙරිකාවේ ට්‍රක් රථයක ගැටී 10 දෙනෙකු මරුට

- Advertisement -

අමෙරිකාවේ ඕර්ලින්ස් නගරයේ බර්බන් වීදියේ සිදු වූ අනතුරකින් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඕර්ලින්ස් යනු ලුසියානා ප්‍රාන්තයට අයත් නගරයක් වන අතර, එහි බර්බන් වීදියේ ජනතාව අතරට ට්‍රක් රථයක් කඩාවැදීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අමෙරිකාවේ වේලාවෙන් අද (01) අළුයම සිදු වූ මෙම අනතුරින් අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනෙකු මියයන්නට ඇති බව නගර බලධාරීන් පවසන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව සඳහන්.

අදාළ ට්‍රක් රථය අධික වේගයෙන් ජනතාව අතරට කඩාවැදී ඇති අතර, පසුව එහි රියදුරු රථයෙන් පිටතට ගොස් වෙඩි තැබීමට ද උත්සාහ දරා තිබෙන බවයි පැවසෙන්නේ.

කෙසේ නමුත් ඊට ප්‍රතිචාර ලෙසින් පොලීසිය ද ඔහු දෙසට වෙඩිතබා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES