26.4 C
Colombo
Thursday, March 28, 2024

සෞභාග්‍යයේ දේශයෙන් ඉන්දියාවට පලාගිය 10 ක් අත්අඩංගුවට

- Advertisement -

තවත් ශ්‍රී ලාංකිකයින් දස දෙනෙකු මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ රාමේෂ්වරම් දූපත වෙත ගොස් තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම පිරිස ඊයේ (23) දිනයේ දි බෝට්ටුවකින් රාමේෂ්වරම් වෙත පැමිණ ඇති බවයි.

ඔවුන් අතර පිරිමි පුද්ගලයින් දෙදෙනෙක්, කාන්තාවන් දෙදෙනෙක්,තරුණයෙක් සහ ළමුන් පස් දෙනෙක් සිටින බව සඳහන්.

ඒ අනුව පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 209 දෙනෙකු නීතිවිරෝධී ලෙස ඉන්දියාව වෙත පැමිණ ඇති අතර ඉන් එක් අයෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.

සරණාගතයින් ලෙස ඉන්දියාවට පැමිණි මෙම ශ්‍රී ලාංකකියින් සියලුදෙනා මේ වන විට තමිල්ණාඩු සරණාගත කඳවුරක රඳවා සිටින බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...