23 C
Colombo
Friday, February 14, 2025

අනාරක්ෂිත ලෙස යතුරුපැදි ධාවනය කළ 10ක් අත්අඩංගුවට

- Advertisement -

අනාරක්ෂිත ලෙස අපරික්ෂාකාරීව දෙහිවල ප්‍රදේශයේදී යතුරුපැදි ධාවනයකළ තරුණයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබී අධි ධාරිතාවයෙන් සමන්විත යතුරුපැදි 10ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඊයේ (02) අලුයම එම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණේ, දෙහිවල පොලීසිය රථවාහන අංශය නිලධාරීන් විසින්.

මෙම සැකකරුවන් දෙහිවල දුම්රියපොළ අසල සිට වැල්ලවත්ත දෙසට අපරික්ෂාකාරී ලෙස යතුරුපැදි ධාවනය කර ඇති බව පොලීසිය පවසනවා.

පොලිස් භාරයට ගත් යතුරුපැදිවල ඇතැම් උපාංග වෙනස් කර නවීකරණය කර  ඇති බවද පොලීසිය පැවසුවා.  

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු  17 – 22 ත් අතර වයසේ පසුවන මොරටුව, රාජගිරිය, පිළියන්දල, අංගොඩ, දෙහිවල, රත්මලාන සහ කොළඹ 05 යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පැවසුවා.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES