හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බඩපිස්සා වන රෝහිත රාජපක්ෂ මහතා හෙවත් ‘චිචී’ මහතාගේ මූලිකත්වයෙන් මෙරට ජනතාවගේ බදු මුදල් යොදවාගෙන චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කොට අදට වසර 10 ක් ගතව තිබෙනවා.
කෙසේවෙතත් මේ වන විට අදාළ චන්ද්‍රිකාව ආගිය තැනක් වාර්තා නොවන අතර එයින් මෙරටට ලැබුණු කිසිදු ප්‍රතිපලයක් පිළිබදවද වාර්තාව වන්නේ නැහැ.
2012 නොවැම්බර් 27 වෙනිදා SUPREMESAT-1 ලෙස නම්කර තිබූ අදාළ චන්ද්‍රිකාව චීනයේ XI-CHANG අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙ සිට ගුවන්ගත කළ බව මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුතු නාමල් රාජපක්ෂ මහතා එවක සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණේ රෝහිත රාජපක්ෂ මහතාද අදාළ චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමට සහභාගීවී සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක්ද එක්කරමින්.

කෙසේවෙතත් නෙළුම් කුළුණ, හම්බන්තොට සම්මන්ත්රණ ශාලාව, මත්තල ගුවන්තොටුපල වැනි සුදු අලි ව්‍යාපෘතියක්ම වෙමින් අදාළ චන්ද්‍රිකාවද මෙරට තවත් ණය බර වැඩිකරමින් ජනතා බදු මුදල් නැති නාස්ති කළ ව්‍යාපෘතියක් බව පසුව හෙළිදරව් වුණා.
මෙම SUPREMESAT-1 චන්ද්‍රිකාව වෙනුවෙන්ම SuperSAT (Pvt) Ltd නමින් ආයතනයක් 2011 ඔක්තෝබර් 25 දින පිහිටවනු ලැබූයේ
China Great Wall Industry Corporation (CGWIC) නම් චීන සමාගමක් සමඟ හවුල්කාරීත්වයෙන් SuperSAT (Pvt) Ltd යනුවෙන් ආයතනයක් පවා පිහිටුවා තිබුණා.
ඒ අනුව SUPREMESAT-1 චන්ද්‍රිකාව 2012 නොවැම්බර් 12 දින අභ්‍යාවකාශ ගත කළ අතර ඉන් දින 15ක ට පසුව චීනයේ Xi-Chang නුවර සිට රෝහිත රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් දෙවන චන්ද්‍රිකාව දියත්කරන ලද බව එවක රජය නිවේදනය කළා.
එහි සදහන් වූයේ චන්ද්‍රිකාවේ ජීව කාලය වසර පහළොවක් වන අතර ඒ හරහා දකුණු හා මධ්‍යම ආසියාව, නැඟෙනහිර අප්‍රිකාව හා ඈත පෙරදිග රටවලට සේවා සැපයෙනු ඇති බවයි.
ඒ අනුව සන්නිවේදන චන්ද්‍රිකාවක් හිමි ලොව 27 වැනි පුද්ගලික සමාගම බවට SuperSAT (Pvt) Ltd පත් වූ බවත් මෙම සමාගම හරහා මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 320කට අධික ආයෝජනයක් ලැබීමට නියමිත බවත් පැවසුණා.
