28.9 C
Colombo
Thursday, March 27, 2025

ගාසාහි පාසල් ගොඩනැඟිල්ලකට ප්‍රහාරයක්: 100ක් මරුට

- Advertisement -

අවතැන් වූ පලස්තීනුවන් නවාතැන් ගෙන සිටි ගාසා නගරයේ පාසල් ගොඩනැගිල්ලකට ඊශ්‍රායල එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊශ්‍රායලය විසින් එල්ල කළ රොකට් ප්‍රහාර තුනකින් එමප්‍රදේශයේ  දරුණු ගින්නක්ද හට ගෙන තිබුණා.

ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ අල්-ටබායින් නමැති මෙම පාසල හමාස් සහ ඉස්ලාමීය ජිහාඩ් කණ්ඩායම්වල හමුදා මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාකාරීව පැවති ස්ථානයක් බවයි.

පසුගිය සති කිහිපය පුරාවටම ගාසාහි අවතැන් කඳවුරු කිහිපයකට ඊශ්‍රායල හමුදාව විසින් මෙවැනි ප්‍රහාර එල්ල කරනු ලැබුවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ පසුගිය ජූලි 6 වන දින වන විට ගාසා තීරයේ පාසල් ගොඩනැගිලි 564 න් 477 කට සෘජු ප්‍රහාරයන්ට හෝ හානි කිරීම්වලට ලක්ව ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

Breaking: චාමර සම්පත් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදු වූ අක්‍රමිකතාවකට අදාළව...

දළදා දැක්ම ගැන විශේෂ දැනුම්දීමක්

අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත සිරි දළදා දැක්මට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට රජය, මහනුවර නගර සභාව සහ දළදා මාළිගය හැර වෙනත් කිසිදු පාර්ශ්වයකට පවරා නැතැයි...

චාමර සම්පත් අල්ලස් කොමිසමට

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින්මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවට වාර්තා වනවා. ඌව පළාත්...

POPULAR ARTICLES