අත්‍යවශ්‍ය නොවන තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේ දී 100% ආන්තික මුදල් තැන්පතු වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට මුදල් මණ්ඩලය තිරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.
ඒ අනුව භාණ්ඩ 623 ක් ආනයනය කිරීමේදී අදාළ කොන්දේසිය පැනවෙනු ඇති.
එම භාණ්ඩ අතර ස්ථාවර හා ජංගම දුරකතන, විදුලි පංකා, රූපවාහිනි යන්ත්‍ර, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, ඩිජිටල් කැමරා, ළඳරු ඇඳුම්, යට ඇඳුම්, රබර් ටයර්, වායු සමීකරණ යන්ත්‍ර, ඇපල්, මිදි, පලතුරු යුෂ, බියර්, වයින්, චොකලට්, චීස්, බටර්, දුම්කොළ නිෂ්පාදන ඇතුළු භාණ්ඩ රැසක් වනවා.
ඒ අනුව බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ණයවර ලිපි (LC) සහ ප්‍රතිග්‍රහණය මත ලියිවිලි (DA) ලබාදීමේ කොන්දේසි යටතේ අත්‍යවශ්‍ය නොවන/හදිසි නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේ දී 100% ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක වනවා.
මෙම ක්‍රියාමාර්ගය අනුව යම් කිසි අයකු පහත සඳහන් භාණ්ඩ ආනයනය කිරීමේ දී ඒවායේ සම්පූර්ණ වටිනාකම බැංකුවේ තැන්පත් කළ යුතුයි.
විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය සහ විදේශ මුදල් වෙළෙඳපොළේ ද්‍රවශීලතාව රැක ගැනීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.

