33 C
Colombo
Saturday, April 20, 2024

බැසිල්ගෙන් මන්ත්‍රීවරුන්ට ලක්ෂ 100ක්

- Advertisement -

මෙවර අය වැයෙන් පළාත් පාලන ආයතන නියෝජනය කරන මහජන නියෝජිතයින්ට රුපියල් ලක්ෂ 30 බැගින් ලබා දීමටත් එක් එක් ග්‍රාම නිළධාරි වසම් සදහා රුපියල් ලක්ෂ 40 ක් බැගින් ලබා දීමටත් රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ඒ, ලබන වසරේ සිට, කොවිඩ් වසංගතය හේතුවෙන් නැවතී ඇති ග්‍රාමීය සංවර්ධන කටයුතු නැවත ආරම්භ කිරීම සඳහායි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ මාවනැල්ල හා අරනායක මැතිවරණ කොට්ඨාසවල පලාත් පාලන ආයතනවල නියෝජිතයින් සමඟ පැවැති සාකච්ඡාවකදීයි.

මීට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 100 ක් බැගින් ද ලබා දීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තිරණය කර ඇති බවත් ඔහු පවසනවා.

වත්මන් රජය බලයට ගෙන ඒමට කැප වී ක්‍රියා කළ පළාත් පාලන ආයතනවල නියෝජිතයින් මුහුණ දී සිටින ගැටලු සම්බන්ධයෙන් රජයට අවබෝධයක් ඇති බවත් ගත වු වසර එකහමාරක කාලය තුල කොරෝනා වසංගතයෙන් ජනතාව මුදවා ගැනීමට රජය ප්‍රමුඛත්වය ලබා දුන් නමුත් ලබන ජනවාරි මාසයේ සිට ග්‍රාමීය සංවර්ධන කටයුතු වෙනුවෙන් පළාත් පාලන ආයතනවල නියෝජිතයින්ට ශක්තිය ලබා දීමට රජය තීරණය කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

මිලියන 45 ක් නාස්ති කර පාස්කු ගැන තවත් විවාදයක්

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පැවැත්වීමට නියමිත දින තුනක පාර්ලිමේන්තු විවාදය සඳහා රුපියල් මිලියන 45ක්  පමණ වැය වනු ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. මෙය...

ලොරි රථයකට යටවී කාන්තාවක් මරුට

නිට්ටඹුව, වතුපිටිවල ප්‍රදේශයේ‍දී යතුරුපැදියක ගමන් කළ කාන්තාවකගේ අත්බෑගයක් ලොරි රථයක බඳේ පැටලීමෙන් සිදුවු අනතුරකින් එම කාන්තාව මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ, අත්බෑගය ලොරි රථයේ බඳෙහි...

විදුලිය හා ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

විදුලිය සැපයීමට හෝ ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන බෙදා හැරීමට සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...