25 C
Colombo
Friday, February 14, 2025

ගල් ඔය සුදුවැල්ල ගම්මානයේ පුද්ගලයින් 100ක් ඉවතට

- Advertisement -

ගල්ඔය සුදුවැල්ල ගම්මානයේ පවුල් 100 ක් ආරක්ෂිත ස්ථානයක් වෙත ඉවත් කළ බව අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, අදාළ පිරිස ප්‍රදේශයේ විහාරස්ථානයක රඳවා සිටින බවයි.

ඇද හැලෙන අධික වැසි සමග ගල්ඔයේ ඛාදනවී ඇති ඉවුරු බිඳී ජලය පිටාර ගැලීමේ අවධානමක් පවතින බවද දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළා.

ඔහු පැවසුවේ මේ හේතුවෙන් ගංවතුර තත්ත්වයක්ද ඇතිවිය හැකි බවත් කොට වෙහෙර ප්‍රදේශයෙන් ගල්ඔයේ ඉවුරු යළිත් ඛාදනයට ලක්ව ඇති බවයි.

ඒ හේතුවෙන් වගා ජලය ගෙනයන ඉපිල් ඇලේ කොටසකට දැඩි හානි සිදුව තිබෙනවා.

ගල්ඔයට සමාන්තර මාර්ගයේ කොටසක්ද ඉවරු ඛාදනය හේතුවෙන් විනාශ වී තිබෙන බවයි පැවසෙන්නේ.

ගොවීන් පවසන්නේ මේ හේතුවෙන් තම වගාවන් සඳහා ජලය ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පවසා සිටියේ ,

”ඉස්සර වතුර ගලාගෙන යනකොට කවදාවත් අපේ ඉඩම්වලින් හෝදගෙන ගියේ නෑ නේ.හැරිල්ලේ විනාසෙන් තමා මේ ගඟ මෙච්චර විනාසේ. දරාගන්න බෑ ඇත්තවශයෙන්ම.අපි කුඹුරු කරලා තියෙන්නේ පල්ලෙහා ඒවා දැන් පීදෙනවා. අපිට පිළිසරණක් නෑ කාගෙවත්. ++ එක පැයකට ඉඟිණියාවේ ස්පීල් එක ඇරියා නම් මේක යනවා බලන් ඉද්දි දිඩි බිඩි ගාලා වැටෙනවා. මේක විසඳලා දෙන්න කියලා බැගෑපත්ව ඉල්ලා සිටිනවා.”

” කලින් අඩි ගාණක් උඩින් ගියපු ගඟ දැන් අඩි විස්සට වැඩිය ගැඹුරයි. බැගෑපත්ව කියනවා ගඟ කෙලින් කරලා දෙන්න”

අම්පාර ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු පිරිසක් මෙම ස්ථානය නිරීක්‍ෂණය කිරීමට පැමිණ සිටියා.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා අද (14) මාධ්‍ය හමුවක් කැඳවු අතර එහිදී අදහස් දැක්වමින් පවසා සිටියේ,

”ඇද හැලෙන වර්ෂාව නිසා තමයි ගල්ඔය ගඟේ ජල මට්ටම වැඩිවෙලා තියෙන්නේ’ ඒ වගේම තමයි ගල් ඔය වගේ තියෙන ඉවර කාදනය සිද්ධ වෙලා තියෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ 24 සේනාංකය ඒ වගේම අම්පාර ප්‍රාදේශීය ලේකම් ඇතුළු කණ්ඩායමත් ඒ වගේම ආපදා කළමනාකරන නිලධාරීන් අපි ගිහිල්ල බැලුවා එතන. ගංගාව ඛාදනය වෙච්ච ආකාරය බැලුවහම ඒක අපිට වැලි කොට්ට ගහලා ඒක තාවකාලිකව නතර කර ගැනීමේ හැකියාවක් නෑ. මොකද ඒ තරම් විශාල ප්‍රමාණයක් ගගේ ඉවුර ඛාදනය වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ වෙලාවෙදි අපිට එක විකල්පයක් හැටියට අපි දකින්නේ ගඟේ අනිත් පැත්තේ එකතුවෙලා තියෙන වැලි නිදි යම් ආකාරයකට කැපා හැරීමක් කරලා ගඟේ වතුර පාර ඉවුරේ වදින එක නතර කරගත්තොත් අපිට යම් මට්ටමකට ගංගාව මේ බන්ට් එකෙන් කැඩීම නතර කරගන්න පුළුවන් වෙයි කියලා අපි උපකල්පනය කරනවා. කෙසේ වෙතත් අපි සියලූ දෙනා ප්‍රාදේශීය ලේකම් ඇතුළු කණ්ඩායම් මේ වෙලාවේ සූදානමින් ඉන්නවා යම් ආකාරයකින් ගඟේ ඉවුර කඩාගෙන ගියොත් සේනානායකපුර සාමපුර කියන වසංදෙකේ ඒ වගේම සුදු ඇල්ල ප්‍රදේශයේ පවුල්වලට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. අපි දැනටමත් ප්‍රාදේශීය ලේකම්තුමාට අම්පාරේ උපදෙස් දීලා තියෙනවා ගෙවල් වල ඉන්න වයෝවෘද්ධ ඒ වගේම විශේෂ අවශ්‍යතා සහිත ආබාධිතව අයව හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථානවලට ඒ අයව යොමු කරගන්න කියලා ඒ වගේම අපි සියලු දෙනා සූදානමින් ඉන්නවා”

RECENT ARTICLES - SINHALA

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...

නවීන් දිසානායකට තනතුරක්

එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබෙනවා. ඒ අද (14) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි. පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල්...

මිලියන ගණනක මුදල් වංචාවකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරුවෙක් අත්අඩංගුවට

“Little Harts” නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන යමින් මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (13)...

POPULAR ARTICLES

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කරයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එහි වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2023 වසරේදී ද...

මෙවර ශූරයන්ගේ කුසලාන තරඟයට දෙන මුදල් තෑගි වැඩි කරලා

අට වසරකට පසු පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ (Champions Trophy) ජයග්‍රාහකයන් වෙනුවෙන් දැවැන්ත මුදල් ත්‍යාග ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ අනුව,...

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...