හාල්, සීනි, පරිප්පු වැනි ආහාර ද්‍රව්‍ය අඩංගු බාහාලුම් දහසක් පමණ කොළඹ වරායේ ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
ඒවා කඩිනමින් නිදහස් කර ගැනීමට කටයුතු කරන බවයි එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා පවසන්නේ.
මෙරට පවතින විනිමය අර්බුදය හේතුවෙන් මෙම ප්‍රමාදය ඇතිවී ඇති බවයි පැවසෙන්නේ.
මේ අතර, සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අතිරික්ත ආහාර තොග රැස් කර ගැනිමට ද ඩොලර් හිඟය බාධාවක් වී ඇතැයි ද ඔහු පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, ආහාර තොග ප්‍රමාණවත් ලෙස ආනයනය කර ඇතැයි ද නිහාල් සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.