මැයි 09 සිද්ධිය: සනත් නිශාන්ත, මිලාන් ඇතුළු 11ක් යළි රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක සහ තවත් සැකකරුවන් 11 දෙනෙකු එළඹෙන 08 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරතකර තිබේ. මැයි මස 09 වනදා කොළඹ ගාලුමුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ ඇතිවූ සිද්ධීන්ට අදාළව එම සැකකරුවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි එම සැකකරුවන් අද යළි අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.