ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා හි මරාපි ගිනි කන්ද විදාරණය වීමෙන් කඳු තරණය කරන්නන් 11 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ, තවත් 12 දෙනෙකු අතුරුදන්වී සිටින අතර, තවත් තුන්දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
අතුරුදන්වූවන් සොයා සිදුකරන මෙහෙයුම් මේ වනවිට තාවකාලිකව නවතා දමා ඇත්තේ ගිනිකන්ද යළි විදාරණය වීමේ අවදානමක් හේතුවෙන් 75 දෙනෙකු එම අවස්ථාවේ කන්ද තරණය කරමින් සිට තිබෙනවා.
විදාරණය වූ ගිනි කන්දේ අලු කිලෝමීටර 03 ක් පමණ අහසට විහිදී ගොස් තිබූ බව සඳහන් වනවා.
ඒ අනුව, විදෙස් වාර්තා සඳහන් කළේ, බලධාරින් විසින් අවට ප්‍රදේශය තහනම් කලාපයක් බවටද පත් කර ඇති බවයි.