ඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, උපාධි උත්සවයක් සඳහා සිසුන් ප්‍රවාහනය කළ බස් රථයක් එලෙස අනතුරට ලක්වී ඇති බවයි.
බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වී මෝටර් රථ සහ යතුරුපැදි කිහිපයක ගැටී මෙම අනතුර සිදුවී තිබෙනවා.
අනතුරින් පුද්ගලයින් 53 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කළා.
මියගිය පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙකු උපාධි ප්‍රදානෝත්සවය සඳහා ගමන් කරමින් සිටි සිසුන් බවයි වාර්තාවන්නේ.
අනතුරට පෙර බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වී ඇති බවට එරට මාර්ග ආරක්ෂක පොලීසිය සැක පළ කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.