ස්වීඩනයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා.
ස්ටොක්හෝම් අගනුවරට බටහිරින් පිහිටි ඔරෙබ්රෝ රිස්බර්ග්ස්කාහි උසස් අධ්‍යාපන ආයතනයක මෙම වෙඩිතැබීම සිදුව ඇති බව සඳහන්.
වෙඩි වැඳීමෙන් තුවාල ලැබූ බොහෝ පිරිසක් රෝහල් ගත කර ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
එරට අග්‍රාමාත්‍ය උල්ෆ් ක්‍රිස්ටර්සන් පවසා ඇත්තේ ස්වීඩන් ඉතිහාසයේ දරුණුතම සමූහ වෙඩි තැබීම මෙය ලෙස හැඳින් වියහැකි බවයි.
මියගිය පිරිස අතර වෙඩික්කරුද සිටින බව සඳහන්.
අදාළ සැකකරු මෙම වෙඩි තැබීම සඳහා කුමන වර්ගයේ ගිනිඅවියක් භාවිත කළේද යන්න සහ වෙඩි තැබීම සිදුකළ ආකාර සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී නොමැති බව විදෙස් වාර්තා පැවසුවා.