පළාත් සභා මන්ත්‍රීවරුන් 116 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට තීරණය කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් 116ක් මෙලෙස ජනාධිපතිවරයාට සහය දක්වන බව තහවුරු කර ඇති බවයි.
මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවන බවට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92 දෙනෙකු ඊයේ (30) තහවුරු කර තිබුණා.
නැවත දරුණු අරාජිකත්වයක් හා පෝළිම් යුගයක් ඇති නොවන සමාජ, දේශපාලන ස්ථාවරත්වයක් සහ ආර්ථික සංවර්ධනයක් ඇති ශක්තිමත් රටක් ගොඩනැගිය හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බැවින් තම පෞද්ගලික දේශපාලනය පසෙකලා රට වෙනුවෙන් මෙම තීරණය ගත් බව එම මන්ත්‍රීවරු පවසා තිබුණා.
අමාත්‍යවරුන් වන අලී සබ්රි, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී දිසානායක, එස්.එම්. චන්ද්‍රසේන, අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රියංකර ජයරත්න, ඩී.බී හේරත්, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රේමනාත් සී. දොලවත්ත, ජනක වක්කුඹුර, ජෝන් සෙනෙවිරත්න, ඩග්ලස් දේවානන්ද, මධුර විතානගේ, රාජිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මීට ඇතුළත්.