26.4 C
Colombo
Thursday, March 28, 2024

සනත් නිශාන්තගේ නිවසට ගිනි තැබූ 12ක් අත්අඩංගුවට

- Advertisement -

කුප්‍රකට පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 12 දෙනෙකු ඊයේ (26) ආරච්චිකට්ටුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කළේ මෙම පිරිස දේශපාලන පක්ෂ කිහිපයකට සම්බන්ධ පිරිසක් බවයි.

පසුගිය මැයි 9 වනදා රට පුරා ඇතිවූ කලහකාරී සිදුවීම් සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ නිවසට ගිනිතබා විනාශ කර තිබුණා.

ඒ සනත් නිශාන්ත මහතා ගෝල්ෆේස් අරගල භූමියට පහරදීමට පැමිණි පිරිස අතර වන ඡායාරූප සමාජ මාධ්‍යයේ පලවීමත් සමගයි.

මේ අතර ඉකුත් මැයි 09 වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ප්‍රේමනාත් සී දොලවත්තට අයත් නවගමුවේ පිහිටි නිවසට හා දේපලවලට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවන් හය දෙදෙනෙක් ඊයේ (26) බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට පත් ව ඇත්තේ වයස අවුරුදු 19,20,24 හා 29ක් වන වැලිවිට හා හෝමාගම යන ප්‍රදේශවල පදිංචිකරුවන්.


RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...