24.5 C
Colombo
Tuesday, June 17, 2025

කටාර් රාජ්‍යයෙන් කෝටි 12ක ඖෂධ

- Advertisement -

ශ්‍රී ලංකාවේ කටාර් පුණ්‍යායතනය සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ රජයේ රෝහල්වලට හෘද සහ ස්වසන රෝගවලට අවශ්‍ය රුපියල් කෝටි 12කට අධික වටිනාකමින් යුත් ඖෂධ තොගයක් පසුගියදා ප්‍රදානය කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතියෙන් ආසන්න වශයෙන් රෝගීන් 47,000කට ප්‍රතිලාභ ලැබෙනු ඇති බවට අපේක්ෂා කරනවා.

ශ්‍රී ලංකා කාර්යාලයේ අධ්‍යක්ෂ මහමුද් අබු කලීෆා මහතාගේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේදී නිදන්ගත රෝග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මුහුණ දෙන අර්බුදයට විසඳුම් දීමට බලාපොරොත්තු වනවා.

රෝගීන්ට සපයන සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමට දායක වීම, මහජන සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම සහ මනුෂ්‍යත්වයේ වටිනාකම් තහවුරු කිරීම සඳහා කටාර් වැසියන්ගෙන් ශ්‍රී ලාංකික ජනතාව වෙත මෙම පරිත්‍යාගයක් සමඟ පැමිණෙන බව කටාර් පුණ්‍යායතනය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, එම අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.ජී.මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වි තිබුණා.

RECENT ARTICLES - SINHALA

ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්

ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත ලෙබනන් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා...

මාලිමා ආණ්ඩුව ගෙනියන්නෙත් රාජපක්ෂ සංස්කෘතිය – මුජුබර් රහුමාන්

කොළඹ මහ නගර සභාවේ පුරපති පත්කිරීමේදී පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නීති පියවර ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන...

POPULAR ARTICLES