අද (19) උදෑසන අලුත් කඩේ උසාවි සංකීර්ණය තුළ ඝාතනයට ලක් කෙරුණු ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමරරත්න නැමැත්තාගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක නිලධාරීන් 12 දෙනෙකු යොදවා සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එම අවස්ථාවේදී අධිකරණ පරිශ්‍රය තුල නීතිඥ වෙසින් සිටි පුද්ගලයෙකු විත්තිකරු විත්ති කූඩුවෙන් බැසීමට සූදානම් වීමේදී එම ස්ථානයට පැමිණ වෙඩි ප්‍රහාරයන් කිහිපයක් එල්ල කිරීමෙන් අනතුරුව රිවෝල්වරය ද එම ස්ථානයේ අතහැර දමා විත්ති කූඩුව ආසන්න දොරකින් පලා ගොස් ඇති බවයි.
එම අවස්ථාවේදී වෙඩික්කරු, ඇතුළත වෙඩි තැබීමක් සිදු වන බව පවසමින් අධිකරණ පරිශ්‍රයෙන් පිටතට පැමිණීමත් සමඟ අධිකරණ පරිශ්‍රයේ සිටි පිරිස් ඉන් කලබලයට පත් වීම හේතුවෙන් මෙම පුද්ගලයා මඟ හැරීමකට ලක්ව ඇති බවද ඔහු පවසා සිටියා.
නීතිඥවරුන් අධිකරණ රාජකාරීන් සඳහා භාවිත කරන අපරාධ නඩු විධාන සංග්‍රහය නමින් හැඳින්වෙන පොතෙහි පිටු කපා දමා මෙම රිවෝල්වරය එහි සඟවාගෙන පැමිණ ඇති බවත්, ඒ සඳහා සහයෝගය ලබා දුන් නීතිඥ වෙසින් සිටි කාන්තාවක විසින් මෙම පොත වෙඩික්කරුට අධිකරණ සංකීර්ණය තුලදී ලබා දුන් බවට කරුණු අනාවරණය කරගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා තවදුරටත් සඳහන් කළා.