27 C
Colombo
Sunday, December 3, 2023

ප්‍රසිද්ධ රැප් ගායකයා මොහොමඩ් සිල්ලාට වසර 12ක සිරදඬුවමක්

- Advertisement -

තරුණයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රංශ ප්‍රසිද්ධ රැප් ගායක MHD හෙවත් මොහොමඩ් සිල්ලා හට වසර 12ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.

2018 වසරේ පැරිසියේදී තවත් පිරිසක් සමඟ එක්ව 23 හැවිරිදි ලොයික් කේ නම් තරුණයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එරට අධිකරණය ඔහුට මෙම දඬුවම ලබා දී ඇති බව සඳහන්.

මොහොමඩ් සිල්ලා විසින් එම පුද්ගලයාව සිය මෝටර් රථයෙන් හප්පා බිම දමා පසුව තවත් දෙළොස් දෙනෙකු සමඟ එකතුව පහර දී තියුණු ආයුධයකින් ඇන මරා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තමන් නිර්දෝෂී බවත් තමා එම ඝාතනයට කිසිදු සම්බන්ධකමක් නොමැති බවත් මෙම නඩුව කටකතා මත පදනම්ව ගොනුකර ඇති එකක් බව මොහොමඩ් සිල්ලා අධිකරණය ඉදිරියේ පවසා තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම ඝාතනය සිදු වූ අවස්ථාවේ දී එය ප්‍රදේශවාසියෙකු විසින් රූගත කර ඇති අතර මොහොමඩ් සිල්ලාගේ මෝටර් රථය එහි පටිගත වී තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම එම විඩියෝ පටයේ සිටින පුද්ගලයන්ගේ තොරතුරු අනුව, මොහොමඩ් සිල්ලාගේ කොණ්ඩ මොස්තරය සහ ඇඳ සිටි ඇඳුමින්ද ඔහු එම ස්ථානයේ සිට ඇති බව හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම ඝාතනයට සම්බන්ධ තවත් පස් දෙනෙකුට වසර 10ත් 18ත් අතර සිරදඬුවම් ද ලබා දී ඇති අතර තවත් තිදෙනෙකුව නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

මේ වන විට 29 හැවිරිදි වියේ පසුවන මොහොමඩ් සිල්ලා, රැප් ගායකයෙකු ලෙස ප්‍රසිද්ධ වීමට පෙර පැරිසියේ පීසා බෙදා හැරීමේ රැකියාවක් සිදුකර ඇති බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

පිලිපීනයේ භූ කම්පනයෙන් සුනාමි අවදානමක්

පිලිපීනයේ මින්දනාඕ ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හට ගෙන තිබෙනවා. පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ දකුණු පිලිපීනයට මෙන්ම ඉන්දුනීසියාව, පලාව් සහ මැලේසියාවේ...

වැඩි කළ විශ්‍රාම වැටුප ලැබෙන දිනය ගැන දැනුම් දීමක්

විශ්‍රාමික ජනතාවගේ සුබසාධනය සහ වැටුප් විෂමතා විසඳීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. දැරණියගල නගරයේ පැවති උත්සවයකට...

ගාසා තීරය ගැන ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යළි සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බව, අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කර...

POPULAR ARTICLES

සජබ මන්ත්‍රීවරයෙක් පක්ෂයෙන් දොට්ට

දිගින් දිගටම ආණ්ඩුවට පක්ෂව කටයුතු කිරීම හේතුවෙන් සමඟි ජන බලවේගයේ පස්සර සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ්ව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට සමගි...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දින දෙක තුනක් ඇතුළත නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, කොළඹ පැවති උත්සවයකින්...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන  https://www.doenets.lk  සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...