පසුගිය වසර 5ක් ඇතුළත සිදු වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 12,140ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඒ අනුව පොලිසිය සදහන් කළේ, 2020 වසරේ දී පුද්ගලයින් 2,363 දෙනෙක්, 2021 වසරේදී 2,557 දෙනෙක් සහ 2022 වසරේදී පුද්ගලයින් 2,540 දෙනෙක්, ජීවිතක්ෂයට පත් වී ඇති බවයි.
එමෙන්ම, 2023 වසරේදී පුද්ගලයින් 2,321 දෙනෙක් සහ ගෙවුණු වසරේදී පුද්ගලයින් 2,359 දෙනෙක් රිය අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
එමෙන්ම, පසුගිය වසරේ ජනවාරි පළමු වදා සිට නොවැම්බර් 30 වනදා දක්වා සිදුවූ බස් රථ අනතුරු සම්බන්ධයෙන්ද පොලිසිය තොරතුරු අනාවරණය කර තිබෙනවා.
ඒ අනුව, මාරක බස් රථ අනතුරු 198ක් වාර්තා වී ඇති බව පොලිසිය සදහන් කළා.
ඊට ලංගම බස්රථ අනතුරු 50 ක් සහ පුද්ගලික බස් රථ 148 ක් අයත් වනවා.