රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්රී ලංකා මහ බැංකුව පවසනවා.
මහ බැංකුව සඳහන් කලේ දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 70 000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත්, දින 182 න් කල් පිරෙන රුපියල් මිලියන 40 000 ක භාණ්ඩාගාර බිල්පත් සහ දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 10 000 ක භාණ්ඩාගාර බිල්පත් මෙදින වෙන්දේසි කරන බවයි.
මේ භාණ්ඩාගාර බිල්පත් නිකුතුව හා ඒ සඳහා ගෙවීම් කිරීම සැප්තැම්බර් 27 දා සිදු කිරීමට නියමිතයි