27 C
Colombo
Wednesday, April 17, 2024

පාපන්දු තරගයක් අතරතුර පුද්ගලයන් 127ක් ජීවිතක්ෂයට

- Advertisement -

ඉන්දුනීසියාවේ පාපන්දු තරගයක් අතරතුර ඇතිවූ කලහකාරී සිදුවීමකින් පුද්ගලයන් 127ක් පමණ මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය සදහන් කළේ සිදුවීමෙන් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවයි.

ඉන්දුනීසියාවේ ප්‍රධාන පෙලේ පාපන්දු කණ්ඩායම් දෙකක් අතර පැවති තරගයකදී එක් කණ්ඩායමක් පරාජයට පත්වීමත් සමග එම කණ්ඩායමේ ආධාරකරුවන් සහ සෙසු කණ්ඩායමේ ආධාරකරුවන් අතර මෙම ගැටුම හටගෙන තිබෙනවා.

පසුව තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කර ඇති අතර එහිදී ඇතිවූ තෙරපීමෙන්ද පුද්ගලයින් රැසක් මියගොස් තිබෙනවා.

මියගිය පිරිස අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද සිටින බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

අධ්‍යාපන ඇමති සුසිල් චිකාගෝ ගිහින්

ඇමරිකාවේ සංචාරයක නිරත අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා චිකාගෝහි පිහිටි ඉලිනොයිස් සරසවියේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ එහිදී එම සරසවියේ සෞඛ්‍ය සහ...

කොත්තු රොටියට රු 1900ක් ඉල්ලූ කෑම කඩේ මුදලාලි අත්අඩංගුවට

කොළඹ Street Food අලෙවි සැලකදී රුපියල් 1,900කට කොත්තු රොටියක් අලෙවි කිරීම සහ එය ප්‍රතික්ෂේප කිරීමේදී විදේශිකයෙකුට අඩත්තේට්ටම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙක් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආහාර...

සර්වෝදය නිර්මාතෘ ඒ.ටී. ආරියරත්න අභාවප්‍රාප්ත වෙයි

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ, ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා අද (16) පස්වරුවේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා මියයන විට ඒ මහතා 92 වැනි වියේ පසුවුණා. 1931...

POPULAR ARTICLES

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

ප්‍රතිප්‍රහාර එපා, ඉරානය යළිත් අනතුරු අඟවයි

මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් තීව්‍ර කරමින් ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා. මේ අතර මෙම...