මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි, ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටි 2009 වසරේ ජනවාරි 08 වනදා අධිආරක්ෂිත කලාපයකදී සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර තිබුණා.
එම ඝාතනයත් සමග මාධ්‍යවේදීන්ගේ ජීවිත අවධානම පිළිබදව මෙරට මෙන්ම ජාත්‍යාන්තරයේද දැඩි කතාබහකට ලක්වු අතර එවක විපක්ෂය රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ප්‍රභල අවියක් කරගත්තේද ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයයි.
එම ඝාතනය මුල්කරගනිමින් පැවති විරෝධතා, පෙළපාලි, රැස්වීම්, ගුණ සැමරුම් ආදියෙහි පෙනී සිටීමට එවක එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පොරකෑ අතර ඔවුන්ගේ මුවෙහි නිතර රැව්දුන් වචනය නම් “මාගේ මිත්‍ර ලසන්ත වික්‍රමතුංග” යන වාක්‍යයයි.
කෙසේ වතත් පසුව ඔවුන් ලසන්තලා, තාජුඩීන්ලා මතින් බලයට පැමිණියද ඒ කිසිවෙකු හට යහපාලන ආණ්ඩු සමයේදී සාධාරණයක් නොවූවා පමණක් නොව ලසන්තලා, තාජුඩීන්ලා, කීත් නොයාර්ලා කරපිංචා මෙන් ඉවත දැමුවේය.
එයට කදිම නිදසුන අද ලසන්තගේ 12 වන සැමරුම පැවති බොරැල්ල කනත්තෙන් දැකගත හැකි විය.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර දශකයකටත් වැඩි කාලයක් ගතවෙද්දී අද ලසන්ත වික්‍රමතුංග සැමරුමට සහභාගී වූයේ එකම එක විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පමණි.
ඒ හර්ෂ ද සිල්වා මහතාය.
නමුත් ඔහුද ලසන්ත ඝාතනය පිළිබදව වාර්ෂිකව වාදනය කරන ” ඝාතකයන් තාම නිදැල්ලේ, මම දුක්වෙනවා. අපිට බැරිවුණා” යන එකම කැසට්ටුව වාදනය කර යන්නට ගියේය.
ඔහු පැවති යහපාලන ආණ්ඩුවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, ප්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් කටයුතු කල අයෙකි.
මෙම අවස්ථාවට හිටපු කතානායක කරූ ජයසූරිය මහතාද සහභාගි වුණා.
ඊට අදාල දර්ශන පහතින්,
වැඩිදුර කියවන්න