30 C
Colombo
Thursday, January 16, 2025

ඉන්දීයාවේ මගී ප්‍රවාහන යාත්‍රා අනතුරකින් 13ක් මරුට

- Advertisement -

ඉන්දීය නාවික හමුදාවට අයත් වේග යාත්‍රාවක්, මගී ප්‍රවාහන යාත්‍රාවක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නාවික හමුදා සෙබලෙකු ද මියගිය පිරිස අතර වන බවයි.

මගී ප්‍රවාහන යාත්‍රාවේ සිටි 10 දෙනෙකු ද අනතුරින් මියගොස් තිබෙන අතර ඉන්දියාවේ මුම්බායි හී වෙරළට ඔබ්බෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, මගී ප්‍රවාහන යාත්‍රාවේ පුද්ගලයින් 110 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර නාවික හමුදා යාත්‍රවේ 05 දෙනෙකු සිට ඇති බවයි.

යාත්‍රාවේ සිටි සෙසු පිරිස නිරුපද්‍රිතව බේරා ගෙන තිබෙනවා.

වේග යාත්‍රාවේ එන්ජින් අත්හදා බැලීමක් අතරතුර එය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුර සිදුවු බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

කළුබෝවිලත් වෙඩි තැබීමක්

0
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...